මීමැස්සයි මලයි

අනඟි කතිර රටා
මැයි 19, 2021

 

මලක් මත වැතිරී නිදහස් සුව විඳින මීමැස්සෙකි. මෙය කතිර රටාවෙන් නිර්මාණයකර ළඳරු ඇඳුම්, කොට්ට උර, බෑග්, ලේන්සු, තුවා ආදී විවිධාකාර දේ හැඩකර ගත හැකයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 10, 11 හෝ 14 ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි

නොම්බර 24 සිට නොම්බර 26 ටැපැස්ට්‍රි ඉඳීකටු

අවශ්‍ය වර්ණවල කැරැලි නූල්, රාමුව. ඉඳීකටු, කතුර

 

 

නිර්මාණය කිරීම

 

මෙය සෙන්ටිමීටර් 13.24×11.43 ප්‍රමාණයේ නිර්මාණයකි. ඒ අඟලට කොටු 14 ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම්ය. අඟලට කොටු 10 ක් හෝ 11 ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ. ඒ නිසා රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. මෙය මසාගැනීමෙන් පසුව රෙදි කොටස කපාගන්න.

ඒ සඳහා වටේට අඟල් භාගයක් හෝ අඟල් 1 ක් ඉඩ තබා රෙදි කොටස කපාගන්න. කොටු ගණන්කර මසන්න. නැතිනම් නිර්මාණයේ හරි මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14 නම් නූල් පොටවල් 2 ක් සෑහේ. අඟලට කොටු 11 නම් නූල් පොටවල් 4 ක් හෝ 6 ම භාවිත කරන්න.

එමෙන්ම රේඛා මඟින් දැක්වෙන ඒවා කළු නූල් භාවිතකර ආපසු මැස්මෙන් මසන්න.