රැන්ගලර් අත යෙදූ බ්ලවුසයක අලංකාරය

ජුනි 2, 2021


ඇඳුමක් මසමු

දිගු කලිසමට මෙන්ම සාය විලාසිතා සඳහා ද ගළපාගත හැකි ලස්සන බ්ලවුසයකි. රැන්ගලර් අත යොදා ඇත. ‍ෙම් බ්ලවුසය අත් දිගට, ඉතාම කෙටිව මෙන්ම උරහිස් පටි සහිතව ද මසාගත හැකියි.

එමෙන්ම තනි පැහැති රෙදිවලින් මෙන්ම මුද්‍රිත රෙදිවලින් ද මසාගත හැකියි. දී ඇති පින්තූර දෙස බැලීමෙන් මේ විලාසිතා පහසුවෙන් තේරුම් ගත හැකි වේවි.

අවශ්‍ය මිමි

මේ මිමිවලට ඔබේ මිමි මැනගන්න.

 

උරහිස = අඟල් 15

කර වට = අඟල් 14

කර ගැඹුර = අඟල් 8

ඉණ දක්වා උස = අඟල් 15

උස = අඟල් 26

පපුව වට = අඟල් 35

ඉණ වට = අඟල් 30

උකුළ වට = අඟල් 40

අත දිග = අඟල් 10

 

රැන්ගලර් අත සමඟ යෙදූ බ්ලවුසයකි. බ්ලවුසයක් වුවත් මෙය ඉණෙන් වෙන්කර පහත කොටස නැවත මසා ඇත. එම නිසා ඔබට වෙනම සාදාගැනීමට සිදුවේ. නැතිනම් පතරොමක් සාදා ඉණෙන් වෙන්කර රෙදි මත තබා කපා ගන්න.

පතරොම සඳහා ඉදිරිපස පළුව බලවාටියට ගන්න. බලවාටියේ සිට අඟල් 1 1/2 ක් තබා නැම්ම රේඛාව අඳින්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එන පිළිතුරට මැහුම් වාසි එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට පහතට අඟල් 1 3/4 ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කර වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2 ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකරන්න.

E සිට පහතට ඉණ දක්වා උස හා සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

උකුළ මිම්ම හැඩ ප්‍රමාණය වැඩිපුර ඇති බැවින් K සිට පිටතට ඔබට අවශ්‍ය ප්‍රමාණය ගෙන I ට යා කරන්න. (ඔබට අවශ්‍ය නම් ඉණෙන් පහත කොටස ෆ්ලෙයාඩ් ආකාරයට ද කපා ගත හැකියි.)

කර ගැඹුර පහත්කර අත්කටට කර අඳින්න. ඉණ රේඛාවෙන් වෙන්කර රෙදි මත තබා මැහුම් වාසි එකතුකර කපාගන්න.

පසුපස කොටස සඳහා නැම්මට තබා කර ගැඹුර පහත්කර කර කෙළින් හරහට අත් කටට කපා කපාගන්න.

ඉණෙන් පහත කොටස වෙනම කපා ගන්න. මැහුම්වාසි තබා.

 

අත

අත සාදා ඇත්තේ බුරුලටය. ඔබ මිමි ගත යුත්තේ පතරොමේ රැන්ගල් අත සඳහා අත අවශ්‍ය ප්‍රමාණයට දික්කර එය රෙද්දමත තබා කැපීමේ දී රැලි සඳහා අඟල් 2ක් - 5 ක් අතර වැඩිකර රූප සටහනේ පරිදි කපා ගන්න.

 

මැසීම

* ඉණෙන් වෙන් කළ කොටස් දෙක එකට තබා මසා ගන්න.

* කර පේෂින් කරන්න.

* අතේ අත්කට පැත්ත පමණක් ඉලාස්ටික් කර අත අල්ලා ගන්න.

* අංශය මසන්න.

උපදෙස් - ප්‍රවීණ උපදේශිකා
දිලුෂි දසනායක