හිරුගෙන් හැඩවුණු හුරුබුහුටි බෑගයක්

ජුනි 9, 2021

සංචරණ සීමා සමයේ නිවෙසට වී සිටින ඔබට අපූරු අත්කමක්

 

හිරුගේ විචිත්‍රවත් බව ඔප්නංවමින් මසා ඇති අපූරු බෑග් විලාසිතාවක් මේ. අද වන විට බතික් රෙද්දෙන් නිර්මාණය වූ ඇඳුම්වලට වගේම මෙවැනි බෑග් විලාසිතාවලටත් තරුණ පරපුර අතර ඇති ඉල්ලුම ඉහළයි.

එනිසා ස්වයං රැකියාවක් ලෙස බෑග් නිර්මාණයේ නියැළෙන ඔබට මෙවැනි බෑග් විලාසිතාවක් නිර්මාණය කරන්නට හැකිනම් ඒ සඳහා හොඳ වෙළෙඳපොළක් ලබාගන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

තමන් කැමැති වර්ණයක

බතික් රෙදි මීටරයක්

ලයිනිං සඳහා කැම්බ්‍රෙල්ලා

මීටරයක්

යෙලෝ ෂීට් මීටරයක්

වෙළෙඳපොළෙන් ලබාගත්

හැඬලයක්

සිපර් යාර 1/2 ක්

 

නිර්මාණය කිරීම

පළමුව A රූප සටහනේ දැක්වෙන ආකාරයට ඉදිරිපස සහ පිටුපස සඳහා රෙදි කොටස් දෙකක් කපාගන්න. ඉන්පසු එසේ කපාගත් රෙදි කොටස් දෙකම D රූප සටහනේ පෙනෙන පරිදි කපා ගැනීමට අවශ්‍යය.

(D රූප සටහන කාඩ්බෝඩ් කොටසක ඇඳ කපා ගැනීමෙන් බෑගය කපා ගැනීම පහසු වෙයි.)

ඉන්පසු සිපර් පටිය B රූප සටහනට අනුව කපාගත යුතුය.

එය කපා ගැනීමේදී බෑගයේ උඩ කොටස තබා කපා ගැනීමෙන් සිපර් පටිය නියම ආකාරයට ලැබෙයි. C ලූප් කොටස සඳහා පටි කපා ගන්න. එය හැඬලයට තබා මසාගන්න. දැන් B සිපර් පටියට සිපර් එක තබා මසන්න.

පසුව බෑගයේ ඉදිරිපස හා පිටුපස කොටස් වලට යෙලෝ ෂීට් තබා මසා ගන්න. B සිපර් පටියට දිග අඟල් 18 හා පළල අඟල් 13 වූ ලයිනිං තබා මසාගන්න.

ඉන්පසු බෑගයේ ඉදිරිපස හා පිටුපස කොටස් දෙකට හැඬලය තබා මසා ගන්න.

එම ඉදිරිපස හා පිටුපස කොටසට ලයිනිං සමඟ සිපර් කොටස තබා මසා ගන්න.

ඉන්පසුව බෑගයේ උඩ සිට පහළට මසාගෙන හොඳ පිටට හරවා ගන්න. බෑගයේ කට වටේ අවුට් ලයින් මසා ගන්න.

මෙම බෑගය කාර්යාලයට යන විට ගෙන යාමට වඩාත් යෝග්‍යය.

 

 

 

උපදෙස් -

ප්‍රවීණ බෑග් නිර්මාණ ශිල්පිනී

දීපිකා රාජපක්ෂ