අලුත් අවුරුද්දට සුබ පතන්න

අප්‍රේල් 11, 2022

 

 

කොහෝ නාදය දසත පතුරවමින් උදාවන අලුත් අවුරුද්දේ සුබ පැතුමක් යවන්නට ඔබත් කැමැති ඇති. අපි ඒ සඳහා සුබපැතුම් පතක් පේපර් කුවිලිං ක්‍රමයෙන් මෙලෙස නිර්මාණය කරමු.

 

 

වර්ණවත් ඒෆෝ කොළ හා

ඒෆෝ කාඩ්

කුවිලිං ටූල් එක

පේපර් ෂෙඩර් මැෂිම, කතුර

හා ගම්

 

 

මේ සඳහා අඟලෙන් 1/8 පළලට පටි කපාගන්න. ඒ සඳහා ඔබට පේපර් ෂෙඩර් මැෂින් එකක් භාවිත කළ හැකියි. නැත්නම් කතුරෙන් කපාගන්න. කපාගත් පටිවලින් ඉරේ මැද සඳහා ටයිට් කොයිල් එකක් කහ හා තැඹිලි පැහැය මිශ්‍ර කරමින් ඔතා සකසා ගන්න. ඉර වටේට ඇලවීමට තැඹිලි හා කහ පැහැයේ පටි එකට අලවා ෂේප්ඩ් ටියර් ඩ්‍රොප් සකසා ගන්න. එරබොදු මල් සඳහා රතු හා කළු පැහැති පටි එකට අලවා මල් සකසා ගන්න. කොළ සඳහා කොළ හා කහ පැහැයෙන් මාකිස් හැඩ සකසන්න. ඒවායේ නටුවට සිහින් පටි තීරු දෙකක් අලවන්න. කිරි ඉතිරෙන කිරි මුට්ටියට රතු, කළු, දුඹුරු ආදී පැහැයන් එක්කර ටයිට් කොයිල් එකක් සකසන්න. කිරි පිරී ඉතිරී යන ආකාරය දැක්වීමට සුදු, ළා කහ ආදී පැහැයන්ගෙන් විවිධ ප්‍රමාණයට ටයිට් කොයිල් සකසා අලවා ගන්න. ගින්දර, ළිප් ගල් ද මෙහි දැක්වෙන ආකාරයට සකසන්න.

ඒෆෝ කාඩ් කොටස ගෙන දෙකට නමාගන්න. එහි උඩ පැත්තේ කළු හා සුදු පාටින් කොටස් දෙකක් අලවා ගන්න. දැන් සකසාගත් හැඩතල මෙහි දැක්වෙන ආකාරයට අලවා ගන්න. ‘සුබ අලුත් අවුරුද්දක් වේවා!' යන්න අතින් ලියා අලවා ගන්න. නැත්නම් ප්‍රින්ට් කර අලවා ගන්න.

 

 

 

නිර්මාණය කිරීම

චනුති දිනයනා