හැඩකාර දෝණිට සැහැල්ලු ගවුමක ආකර්ෂණය

සැප්තැම්බර් 5, 2022

 

උදේ පිපුණු මලක් වගේ ඉන්න සිඟිති දෝණි ගෙදරටම එළියක්. ඒ නිසාම පුංචි දෝණිට කලඑළියක් ගෙන දෙන ලස්සන ඇඳුම් තෝරාගන්නත් අම්මා දැනුම්වත් විය යුතුයි. මෙහිදී තෝරාගන්නා රෙදි වර්ගය, රෙදිවල වර්ණ වගේම මෝස්තරයත් වැදගත් වෙනවා. මේ සියල්ල එක්තැන් කළ ලස්සනම ලස්සන ගවුම් විලාසිතාවක් අද මෙලෙස තිළිණ කරනවා.

 

උරහිස - 12-1 = 11/2 = 5

1/2+1/2 = අඟල් 6

පපුව වට - 24/4

= 6+2 = අඟල් 8

ඉණට උස - අඟල් 12

ඉණ වට - 22/4 = 5 1/2+2 =

අඟල් 7 1/2

සිට් උස - අඟල් 3 3/4

ගවුම් උස - 28 + 1 = අඟල් 29

උකුළ වට - 27/4 = 6 3/4+1 =

අඟල් 7 3/4

පළමුව උරහිස් රේඛාව මුදුනෙන්ම ඇඳීමට රෙදි කොටස දෙකට නමා අතුරා ගන්න. එම උරහිස් රේඛාව හරහට ඇඳ උරහිස මිම්ම ලකුණු කරන්න. උරහිස අවසන් වූ තැන සිට පහළට පපුව වට හතරෙන් බෙදා ලකුණු කර පහළට රේඛාවක් අඳින්න. රේඛාව අවසන් වූ තැන සිට හරහට රේඛාවක් ඇඳ එහි පපුව වට සකසන ලද මිම්ම ලකුණු කරන්න. ඉණට උස උරහිස සිට ලකුණු කරන්න. හරහට රේඛාවක් ඇඳ එම රේඛාවේ ඉණ වට සැකසූ මිම්ම ලකුණු කරන්න.

දැන් අංශය යා කර පපු රේඛාවේ සිට අඟල් 1/2ක් ඉහළට ඔසවා අත් කට අඳින්න. උරහිස සිට පහළට කැමැති පරිදි කර පහළට මිම්ම ලකුණු කරන්න. අඟල් 3 1/2ක් 4ක් වැනි මිමි සුදුසු වේ. කර කැපීමට එම මිම්මට රේඛාවක් හරහට ඇඳ එම රේඛාවෙන් කපන්න. ඉණ සිට පහළට සිට් උස (ඉණ සිට උකුළට උස) ලකුණු කර රේඛාවක් හරහට ඇඳ එම රේඛාවේ උකුළ ලකුණු කරන්න. උරහිස සිට පහළට ගවුම් උස ලකුණු කර හරහට රේඛාවක් ඇඳ එම රේඛාවේ උකුළ මිම්මම ලකුණු කර ඉණේ සිට අංශය යා කරගන්න. උස අවසන් රේඛාවේ තවත් අඟල් 4ක් පමණ ගවුමේ සිට ඉදිරියට ලකුණු කර ඉණේ සිට හැඩ කරගන්න. ඉදිරිපස කපාගන්න.

ඉදිරිපස පළුව ආකාරයටම රෙදි කොටසක් දෙකට නමා අතුරා ගෙන ඉදිරිපස පතරොම නැම්මෙන් අඟල් 1/2ක් ඇතුළට නමා අතුරා එම පතරොමම ඇඳගන්න. ඉදිරිපස පළුව ඉවත් කර පිටුපස කපාගන්න.

ඉදිරිපස ගවුමට අල්ලන බොත්තම් පටිය ද කපාගන්න. (රූප සටහන බලන්න) අත් කටට හා කරට පයිපිං කපාගන්න.

ඉදිරිපස පළුවේ බොත්තම් පටිය මැහුම් වාසි ඇතුළට අඟල් 1/2 බැගින්) නමා අයන් කර ඉදිරිපසට අල්ලා ගන්න. ඉදිරිපස කරට පටිය අල්ලා ගන්න. පිටුපස කරට ද පටිය අල්ලා ගන්න. පළු දෙකම අංශයෙන් මූට්ටු කර අත් කටට ද පයිපිං අල්ලා ගන්න. උරහිස් පටි ඉදිරිපසට හා පිටුපසට අල්ලා ගවුමේ යට වටේට රැලි කරගත් පටිය අල්ලා ගන්න. මෝස්තර රෙදි කොටසක් මේ සඳහා සුදුසු වේ. බොත්තම් ටිකක් ප්‍රමාණයෙන් වැඩි වීම සුදුසු වේ. තනි පාට රෙදි ගැළපෙන ආකාරයට ගන්න.

 

 

උපදෙස් -

ප්‍රවීණ මැහුම් උපදේශිකා

හා මෝස්තර නිර්මාණ ශිල්පිනී යමුනා විජේමාන්න