කතිර මැස්මෙන් සොබා රටා

දෙසැම්බර් 19, 2022

 

 දෙනෙත් පිනවන සිත සනසන මල්වල සුන්දරත්වය කවුරුත් දකින්න කැමතියි. මල් සිනහව කඳුළ හා බැඳි සොබාදහමේ අපුර්ව නිර්මණයක්. ඉතින් මේ ලස්සන මල් කිහිපයකින් අලින්දය සරසන්න අැත්නම් කෙතරම් අපුරුද? මෙය කතිර මැහුමකි.

 

මෙවැනි මලින් හැඩ කළ මල් රාමුවක් යෙහෙළියකගෙ උපන්දිනයට, විවාහ ගිවිස ගැනීමකට, ගෙට ගෙවදීමට, උපහාර උත්සවයකට ආදී ඔබේ ජීවිතයෙ විවිධ සැමරුම් අවස්ථාවන්වලට එකතු කරගත හැකියි. ඕනෑම අවස්ථාවක දිගුකාලීන සිහිවටනයක් ලෙසත් තිළිණ කරන්නටත් හැකියි. රත් පැහැති මල් තුනක් සහ ළා නිල් මල් තුනකින් සමන්විත මේ කතිර මෝස්තරය හරිම සරල නිර්මාණයකි. කතිර මැහුම් රටාවට මුලින්ම පිවිසෙන්නෙකුට වුව මෙය ඉතා ක්‍රමානුකූලව මසා ගත හැකියි.

 

දැන් අපි බලමු මේ සඳහා අවශ්‍ය මොනවාද කියලා

 

අඟලට කොටු 11 හො 14 සුදු පැහැති අයිඩා රෙදි කොටසක්

රතු, නිල්, සුදු, කළු අාදි විවිධ පැහැයෙන් කපු කැරලි නූල් නොම්මර 24 හෝ 26 ටැපැස්ට්‍රි ඉදිකටු

රාමුවක්

කතුරක්

 

මෙන්න මෙහෙම නිර්මාණ කරගත්තොත් හරිම පහසුයි.

 

මෙය අඟල් 15.78 x 18.32 ප්‍රමාණයේ නිර්මාණයකි අඟලට කොටු 11රෙද්ද භාවිත කරන්නේ නම් නිර්මාණය විශාල වේ. එමෙන්ම ඒ සඳහා නූල් පොටවල් තුනක් භාවිත කළ යුතුයි. නිර්මාණය සඳහා අඟලට කොටු 14 භාවිත කරන්නේ නම් නූල් පොටවල් දෙක යොදා ගත හැකියි. එමෙන්ම නිර්මාණයට රාමු කර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කැබැල්ල කපා ගත යුතුයි. ඒ සදහා හතර පැත්තෙන් අගල් දෙක බැගින් තබා ගන්න. එමෙන්ම අඟල් දහයෙන් දහයට නූල් ඇද ගැනීම මගින් මෝස්තරය මැසීම පහසුයි. තවද වෙළඳපොළේ ඇති තද පැහැති පෑනක් භාවිත කරමින් ඒ මගින් ද රෙද්දෙ කොටු ඇද ගත හැකියි. එය පැය විසි හතරක් වැනි කාලයකදී මැකී යයි. ඔබ කිසිවිටෙකත් කොටු වෙන් කර ගැනීම සඳහා සාමාන්‍ය පෑනක් හෝ පැන්සලක් භාවිත නොකරන්න. මෙම නිර්මාණය හරි අඩක් කතිර මැස්මෙන් මැසීම සිදු කර ඇති බැවින් වැඩි අලංකාරයක් ගෙනදේවි. එයට අමතරව අඩ කතිර මැස්මෙන් ද තුන්කාල කතිර මැස්මෙන් ද මසා ගන්නා ලද කොටස් ඇත. ඔබ අප ලබාදී ඇති සංකේතවලට අදාළ වර්‍ණ භාවිත කරමින් මෙය මසා ගන්නේ නම් මෙවැනිම අලංකාරවත් නිර්මාණයක් ඔබට ලැබී ඇති. නිර්මාණය වටිනාකම වැඩි කරගැනීම සඳහා රාමුවක් දමා ගත හැකියි.

 

උපදෙස්

ප්‍රවීණ කතිර මැහුම් ශිල්පිනී

පූර්ණා කුලරත්න