හැඩැති නිර්මාණ මවන විවිධ මැහුම් ක්‍රම මෙන්න

දියණියගේ මැහුම් පොත අංක 1
ජුනි 19, 2023

 

නිවෙසක් සුන්දර කැදැල්ලක් වන්නේ ඔබේ ආදරණීය බවෙනි. අම්මා, තාත්තා, සැමියා, දූ දරුවන් සමඟින් වෙසෙන කැදැල්ල සියලු දෙනාටම ප්‍රිය උපදවන තෝතැන්නක් කළ හැකි වන්නේ ද ඔබටමය. ඒ සඳහා පුංචි පුංචි උපක්‍රම පාවිච්චි කළ හැකියි. කාන්තා ඔබ උපතින්ම නිර්මාණශීලිය. මේ කුසලතාව ප්‍රයෝජනයට අරන් නිවෙස කලඑළි කරන්න පුළුවන් වේවි.

බිත්ති සැරසිල්ලක්, ඇඳ ඇතිරිල්ලක්, කුෂන් කවරයක් වගේ දෑතේ විස්කමින් කෙරෙන නිර්මාණ මිලෙනුත් වැඩියි. එහෙම කියලා ඔබේ නිවෙසට ඒවා එකතු නොකරත් බැහැනේ.

 

මේ නිර්මාණ කිරීමේදී ඔබට විවිධ මැහුම් ක්‍රම අවශ්‍ය වෙනවා. මෙවර තරුණී විශේෂ අතිරේකය හැඩ වන්නේ ඔබේ ඒ අවශ්‍යතාවය සපුරාලමිනුයි.

 

රටා මවන නිර්මාණ පෙළක හිමිකාරිණියක වනවා සේම මේ පුංචි මැහුම් පොත ඔබේ දියණියට වටිනා ත්‍යාගයක් ලෙසින් තිළිණ කරන්නත් හැකියි.