ඕනෑම ගමනකට ෂර්ට් බ්ලවුසයක්

ජූලි 24, 2023

මෙවර තරුණී 'ඇඳුමක් මසමු' විශේෂාංගය තුළින් ඔබට ලබා දෙන්නේ අගනා ෂර්ට් බ්ලවුසයක් මසා ගන්නා ආකාරයයි.

බලන්නකෝ මේ අපි ලබාදී ඇති ආකාරය අනුව ඔබට ඉතාමත් පහසුවෙන් වැඩි කාල වේලාවක් නොගෙන මෙය මසාගන්න පුළුවන්. උත්සාහකර බලන්න, අමතර පන්ති යන දියණියට කදිමට ගැළපේවි. ඒ වගේමයි කාර්යාලයට යන යුවතියකට නම් තනි පැහැති රෙද්දකින් මෙය මසා ගත හැකියි.

මෙන්න අවශ්‍ය මිමි:-

 

* උරහිස අඟල් 16

* කර වට අඟල් 15

* ඉණ දක්වා උස අඟල් 16

* උස අඟල් 25

* පපුව වට අඟල් 37

* ඉණ වට අඟල් 29

* උකුළ වට අඟල් 42

* අත උස අඟල් 17

* කැප් උස අඟල් 4

* අත අග වට අඟල් 10

* පතමේ අත්කට අඟල් 11

 

මසා ඇති ෂර්ට් බ්ලවුසය සඳහා ඔබට සුදුසු රෙදි වර්ගයක් තෝරා ගන්න .

ඉදිරිපස පතරොම සඳහා බලවාටියට තබා ගන්න. බලවාටියේ සිට අඟල් 2ක් තබා නැම්ම රේඛාව අඳින්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය ඒඕ වේ. ඕ සිට අඟල් 1 3/4

ක් පහත්කර ඒ ලක්ෂ්‍යයට යා කරන්න. එය ඒඛ් වේ.

කර වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර ඒ සිට පහතට ලකුණු කරන්න. එය ඒච් වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය ඒඛ් රේඛාවේ හරහට ලකුණු කරන්න. එය ඒඡ් වේ. ච්ඡ් යාකර මූලික කර අඳින්න.

ඡ් සිට පහතට ඉණ දක්වා උස හා සම්පුර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස් ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුර ඒ සිට පහතට ලකුණු කරන්න. එය ඒජ් වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාව යි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා බුරුල සඳහා එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය ජ්ට් වේ.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය ඩ්ධ් වේ.

උකුළ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා මැහුම් වාසි එකතුකර වාටිය රේඛාවේ හරහට ලකුණු කරන්න. එය බ් ම් වේ.

ට්ධ් ම් යා කර අංශය අඳින්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා ඛ් සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍ය දෙසට ලකුණු කරන්න. ඛ් සිට එම ලක්ෂ්‍ය කැපී යන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

ඉදිරිපස විවරය සහිත නිසා පසුපස පතරොම නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම නැම්මේ සිට අඟල් 1/2 ක් අඩුවෙන් තබා ගන්න. ඉදිරිපස උරහිසට සමාන්තරව අඟල් 2 ක් උසින් වැඩි කරන්න. ( ෂර්ට් බ්ලවුසය නිසා ) පසුපස කර ගැඹුර අඟල් 1 1/2ක් පහත්කර කර අඳින්න.

අතේ උස ලකුණු කිරීමේදී කප් එක සඳහා ගත් උස අඩුකර අතේ උස ගන්න.

අත සඳහා අවශ්‍ය රෙදි කොටස ගෙන හරහට නවා නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය ඒඕ වේ. හරහට රේඛාව අඳින්න. ඒ සිට පහතට උස පහත් කරන්න. එය ඒඛ් වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය ඒ සිට හැඩේට ලකුණු කරන්න. එය ඒච් වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණුකර අත්කට වක්‍රය අඳින්න. අත අග වට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා ෆ්ලීට් එකක් සඳහා අඟල් 1/2 ක් පමණ එකතුකර වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. එය ඕ ඡ් වේ. ඡ්ච් යා කරන්න.

 

අතේ විවරය සඳහා අතේ පසුපස කොටසේ මැද ලක්ෂ්‍යය ගෙන අඟල් 3ත් 4ත් අතර ප්‍රමාණයට කට කපා ගන්න.

කප් එක සඳහා අත අග මිම්මේ ප්‍රමාණයට දිග ද අවශ්‍ය උසට ද සරිලන ලෙස ස්ටිප් කොටසක් කපා ගන්න. එය රෙදි මත ඇඳ කැපීමේදී මැහුම් වාසි තබා කපා ගන්න.

කොලරය සඳහා ස්ටිප් හෝ පතරොමෙන් මුලින් වෙන්කර ගන්න. ඒ සඳහා නැම්මට නවා ගන්න. කොලරයේ පහත බෑන්ඩ් කොටස සඳහා අඟල් 1ක් හෝ 1 1/4ක් උස ගෙන කර වට ප්‍රමාණයට සමානවන පරිදි දිග ගෙන අඳින්න. එහි අග කොටස රූපසටහනේ පරිදි කවාකාරව අඳින්න. අනෙක් කොටසද ඒ සමඟම සාදාගන්න. දිග එක සමානවන පරිදි උඩ කොටස අඟල් 1ක් පමණ හැඩවන ලෙස අඳින්න. එම කොටසේ උස මැදින් අඟල් 1 3/4ත් 2 1/2ත් අතර භාවිත කළ හැකියි.

 

ස්ටිප් කොටස් දෙක කපා රෙදි කැපීමේදී මැහුම් වාසි තබා කපන්න.

මෙන්න මෙහෙම මසාගනිමු

 

* අතේ විවරයට බයස් පටියක් තබා මසාගන්න.

* අත අගට කප් කොටස අල්ලා ගන්න.

* කොලරයේ කොටස් රෙදිවලින් කපා මසාගන්න.

* උරහිස මසන්න.

* අත අල්ලාගන්න.

* කොලරය ඇඳුමට අල්ලාගන්න.

* අංශය මසා වාටිය මසන්න.

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී

දිලූෂි දසනායක

 

ස්තූතිය:- ඩේසි බූලූම්