මවන ඔබව කිඳුරු සිරිය මනරම් ෆිෂ්ටේල් සාය

සැප්තැම්බර් 11, 2023

 

කාන්තා ඔබ හා විලාසිතා අතර ඇත්තේ අපූරු බැඳීමකි. කොතරම් ඇඳුම් තිබුණත් වෙළෙඳපොළේ ඇති ඇඳුමකට හිත ඇදි යන්නේ ඔබටත් නොදැනුවත්වමය. එහෙත් මේ කාලයේ නම් හිතේ හැටියට විලාසිතා කරන්නට තරමක් අසීරුය. මැහුමට ගෙතුමට දක්ෂ ඔබට තරුණී මේ අත්වැල ලබා දෙන්නේ එබැවිනි.

එමෙන්ම තරුණී අපි ඔබට තවත් ළෙන්ගතු වෙමින් තරුණී යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද මේ ෆිෂ්ටේල් (fishtail ) සාය මසා ගන්නා ආකාරය විස්තර කෙරේ.

* ඉණ වට අඟල් 30

* උකුළ වට අඟල් 38

* උකුළ දක්වා උස අඟල් 7

* දණහිස දක්වා උස අඟල් 18

* උස අඟල් 36

 

ෆිෂ්ටේල් සාය කොටස් කීපයකට නිර්මාණය කළ හැකියි. කොටස් 2 , 4, 6, 8 වශයෙන් කොටස්වලට කැපිය හැකිය.

මෙම සාය නිර්මාණය කරගෙන තිබෙනුයේ කෑලි 6ක් ලෙසටය. ඒ සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණය ගෙන පහතට නවා පළල සමාන කොටස් 3කට නවන්න. එවිට කොටස් 6ක් ලැබේ. නැවතත් එය දෙකට නවන්න. එවිට කොටස් 12ක් ලැබේ. නැම්මට නවා තබාගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය ඉණ රේඛාවයි. ඉණ රේඛාවේ සිට පහතට උකුළ දක්වා උස, දණහිස දක්වා උස හා සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

ඉණ වට ප්‍රමාණය 12න් බෙදා එම පිළිතුරට මැහුම්වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ.

උකුළ වට ප්‍රමාණය 12 න් බෙදා එම පිළිතුරට මැහුම්වාසි එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය CD වේ.

උකුළ පළුවක මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය දණහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය EF වේ.

F ලක්ෂ්‍යයේ සිට වාටිය රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය FG වේ. Gසිට වාටියෙන් පිටතට අවශ්‍ය හැඩය සඳහා ඉඩ ලකුණුකර දණහිසට හැඩය අඳින්න.

අංශයෙන් කපාගන්න. පතරොම දිගහැර ගත් පසු ඉදිරිපසට කොටස් 3ක් හා පසුපසට කොටස් 3ක් ලෙස ගන්න. කොටස් එකින් එකට මැසීමේදී මැදින් එන කොටස් සඳහා උකුළ හැඩය ඉවත්කර මසන්න.

ඉණ වට ප්‍රමාණයට වඩා අඟල් 2ක් පමණ වැඩිපුර දිගද උස අඟල් 4ක් ලෙසද රෙදි කපාගන්න.

 

* මුලින්ම කොටස් එකින් එකට

මසාගන්න.

* අංශයට සිපරය අල්ලා ගන්න.

* අංශය මසන්න.

* ඉණ පටිය අල්ලා ගන්න.

* වාටිය මසන්න.

 

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී

දිලූෂි දසනායක