විස්මිත නිමැවුමක කතිර රටා වියමන

නොවැම්බර් 13, 2023

අද අපි මේ ගෙන එන ලියනාඩෝ ඩාවින්චි විසින් සිතුවම් කරන ලද ප්‍රසිද්ධ සිතුවමක් තමයි 'අන්තිම රාත්‍රී භෝජන සංග්‍රහය' කියන්නේ.

ජේසුස් වහන්සේගේ පසුකාලීන වසරවල සිට ලෝකයේ අවසන් වන දිනය දක්වා සෑම දෙයක්ම මේ සිතුවමේ අන්තර්ගත වෙන බව චිත්‍ර පිළිබඳ විශ්ලේෂකයන් හඳුන්වා දෙනවා. ඒ සියලු කරුණු කාරණා කැටිකොට ගනිමින් අපි අද දිනයේ තරුණී සුවිශේෂී කතිර රටා අතර ඔබ වෙත ගෙන එන්නේ අවසන් රාත්‍රී භෝජන සංග්‍රහයේ කතිර රටා වියමනක්. ඉතාමත් දුර්ලභ මේ කතිර රටා වියමනෙන් ඔබේ නිවෙස වගේම ඔබේ හදවතත් හැඩ කරගන්න.

ඔබට කවදත් ළබැඳි තරුණී වෙතින් ලැබෙන අගනාම නත්තල් තිළිණයකි මේ.

අඟලට කොටු 11 හෝ 14 සුදු පැහැති අයිඩා රෙදි කොටසක්

නොම්බර 24 හෝ 26 ටැපැස්ට්‍රි

ඉදිකටු

රාමුවක්

කතුරක්

 

මෙය අඟල් 380 x 147 ප්‍රමාණයේ නිර්මාණයකි. අඟලට කොටු 14 නම් සෙන්ටිමීටර් 68.94 × 26.67 ද අඟලට කොටු 11 නම් සෙන්ටිමීටර් 87.75 × 33.94 ද අඟලට කොටු 16 නම් සෙන්ටිමීටර් 60.32 × 23.32 ද අඟලට කොටු 18 නම් සෙන්ටිමීටර් 53.62 × 20.74 ද ලෙස නිර්මාණයේ ප්‍රමාණයන් ගත හැකියි. අඟලට කොටු 11 රෙද්ද භාවිත කරන්නේ නම් නිර්මාණය තරමක් විශාල වේ. එමෙන්ම ඒ සඳහා නූල් පොටවල් තුනක් භාවිත කළ යුතුය. මෙම නිර්මාණය සඳහා අඟලට කොටු 14 නම් නූල්‍ පොටවල් 2ක් යොදා ගත යුතුයි.

එමෙන්ම නිර්මාණය රාමුකර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කැබැල්ලක් කපාගත යුතුය. ඒ සඳහා හතර පැත්තෙන්ම අඟල් දෙක බැගින් හෝ අඟල් තුන බැගින් තබා ගන්න. අඟල් දහයෙන් දහයට නූල් ඇදගැනීම මඟින් මෝස්තර මැසීම පහසුවෙන්ම කරගත හැකියි. වෙ‍ෙළඳපොළේ air issabel නමින් පෑනක් ඇත. එය මඟින් ද රෙද්දේ කොටු ඇඳ ගත හැකියි. එය පැය විසි හතරක් වැනි කාලයක් තුළ මැකී යයි. ඔබ කිසිවිටෙකත් කොටු වෙන් කිරීමට පෑනක් හෝ පැන්සලක් භාවිත නොකරන්න.

උපදෙස්:-

ප්‍රවීණ කතිර මැහුම්

නිර්මාණ ශිල්පිනී පූර්ණා කුලරත්න