සීතල නත්තලට සුබපැතුමක්

නොවැම්බර් 20, 2023

සීතල උඳුවප් මාසයට තවත් ඇත්තේ සති කිහිපයකි. උඳුවප් මාසය කියද්දීම හැමෝටම මතක් වෙන්නේ අසිරිමත් නත්තල. ඉතින් නත්තල් සීතල විඳගනිමින් ලහි ලහියේ හැමෝම නත්තලට සූදානම් වෙන්න පටන් අරන්. නත්තල් සැරසිලි, නත්තල් ගස් සහ නත්තල් කෑම බීම ගැන හැමෝම උනන්දුවන අතරේ නත්තල් මිහිර බෙදාගන්න තම ආදරණීයන්ට සුබපැතුම් තිළිණ කරන්නත් අපේ අය අමතක කරන්නේ නැහැ. ඒ නිසාම අපි හිතුවා ලස්සනම ලස්සන නත්තල් සුබපැතුමක් නිර්මාණය කරගන්න විදිහ කියලා දෙන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය -

සුදු බෝඩ් කොටසක්

රතු සහ කොළ වර්ණ A4 කොළ කීපයක්

නත්තලට ගැළපෙන රතු, කොළ රිබන් වර්ග

 

නිර්මාණයකර ගන්නා ආකාරය

 

මෙය ඉතාම සරල නත්තල් සුබපැතුමක් නිසා නිර්මාණය කරගන්න ඉතාම පහසුයි. පළමුව රූපසටහනේ දී ඇති ප්‍රමාණ අනුව සුදු බෝඩ් කොටස් 3 කපා ගන්න. ඉන්පසුව 30cm- 10cm බෝඩ් කොටස හරි මැදින් දෙකට නමා ගන්න. පින්තූරයේ පෙන්වා ඇති ආකාරයට කොළ වර්ණයෙන් අවුට් ලයින් සිටින සේ කොටස් කපා අලවා ගන්න. අලවා ගැනීමේදී ඇතුළත කොටස ඇලවීමට ප්‍රථම රිබන් කොටස අලවා ගන්න. පසුව ඉදිරිපස පැත්තට බෝ එකක් ද සකසා මැදින් අලවා ගන්න.

20cm-9cm බෝඩ් කොටස ගෙන පතරොම්වල කඩඉරිවලින් පෙන්වා ඇති තැන්වලින් නමා නැමි සකසා ගන්න. නැවත 24cm - 9cm බෝඩ් කොටස ගෙන එය කොටස් හතරකට වෙන්කර නැමි සකසා ගන්න. එම කොටසේද පෙන්වා ඇති ආකාරයට රතු වර්ණ A4 කොටස් කපා අවුට් ලයින් තබා අලවා ගන්න. එම කොටස් හතරේ පින්තූරයේ පෙන්වා ඇති ආකාරයට කැමැති හැඩතල කපා අලවා අලංකාර කරගන්න.

 

දෙකට නමාගත් කොටසේ ඇතුළු පැත්තේ හරි මැදින් 20cm -9cm කොටස නැමිවලින් නමා අලවා ගන්න. එය අලවාගත් පසු එම කොටස දිගහැර හතරට නමාගත් කොටස ද එහි මැදට තබා දෙපැත්තේ විවිධ පැති දෙකට අලවා ගන්න. අලවා ගැනීමට පහසුවන පරිදි පින්තූරයේ පහත පෙන්වා ඇත. පින්තූරය අධ්‍යයනය කර නත්තල් සුබපැතුම සැකසීම ඔබට තවත් පහසු වේවි.

 

 

 

උපදෙස් -

මහරගම ප්‍රාදේශීය ලේකම්

කාර්යාලයේ බාහිර උපදේශිකා

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

චූලනී ජයසිංහ