වෙසක් මහේ පින්බර බුදුරුව නිර්මාණය කරගනිමු

මැයි 13, 2024

 

ලෝවැසි බෞද්ධ ජනයා මහත් බැති සිතින් ආමිස සහ ප්‍රතිපත්ති පූජා පවත්වන උතුම් තෙමඟුලට ඇත්තේ තවත් දින කිහිපයකි. මේ පින්බර වෙසක් පොහොය නිමිති කරගෙන තරුණී අපි ඔබට බුදුරුව කතිර රටාවකින් ගෙත්තම් කරන අයුරු තිළිණ කරන්නෙමු.

ඔබ දැන්ම මැසීම ආරම්භ කළහොත් මෙම නිර්මාණය විහාරස්ථානයට, ආරණ්‍යයකට පූජා කරන්නත් පුළුවන්. ඒ වගේම මේ පින්බර වෙසක් මාසයේ පින්සිත පෙරදැරි කරගෙන මෙවන් නිර්මාණයකට ජීවය දෙන්නේ නම් සසර භව සිදුකරගත් උදාර පුණ්‍යකර්මයක් ද වේවි.

තරුණී දුරකතනයට පාඨක ඔබෙන් ආ අාදරණීය පින්සාර ඉල්ලීමක් මෙලෙස ඉටු කරන්නට ලැබීම ද අපට මහත් සතුටට කරුණකි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 10ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි කොටසක්

නොම්මර 18,24 සිට නොම්මර 26 දක්වා ටැපැස්ට්‍රි ඉඳිකටු

අවශ්‍ය වර්ණ කපු කැරැලි නූල්

රාමුවක්

කතුරක්

 

නිර්මාණය කිරීම

මෙම බුදු රුව අඟලට කොටු 10ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි කොටසක් උපයෝගී කරගෙන මැසීම වඩාත් සුදුසුයි. ඒ අනුව මැහුමේ ප්‍රමාණය සම්පුර්ණ කොටු 130 x 190 කි. අඟලට කොටු 10 ගණන් කරමින් මැසීම ආරම්භ කරන්නේ නම් අඟල් 13 x 19 ප්‍රමාණයේ නිර්මාණයක් ඔබට ලැබේ.

ඔබ මෙම කතිර මැසීම සිදුකිරීමේදී නූල් තදින් ඇදීම නොකළ යුතු මෙන්ම බුරුල් ලෙස මැසීම ද නොගැළපෙයි. එය සමබර ලෙස පවත්වාගෙන යාමට තරම් ඔබ දක්ෂ විය යුතුයි. එසේම මෙවැනි කතිර රටාවක් නිර්මාණය කිරීම

මනසට සුවගෙන දෙනවා යැයි විශ්වාසයෙන් කිව හැකියි.

ඔබට කතිර රටා ගෙත්තම් කිරීමට අවැසි ඕනෑම නිර්මාණයක් ලබාදීමට අප සූදානම්. 011 429591 යන දුරකතන අංකයෙන් අපව අමතන්න.

 

 

උපදෙස් -

ඇපල් ‍ෙත්‍රඩ්

කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්හි

අධ්‍යක්ෂිකා - යමුනා දර්ශනී