බෝට් නෙක් හැට්ටයක් මහමු

ජුනි 10, 2024

 

සාරියක් ගත දැවටුවාම එහි හැඩය ලස්සනට කැපිලා පේන්න නම් හැඩට මහපු සාරි හැට්ටයක් තිබිය යුතුමයි. ඇඟේ ගාණට කදිමට සාරි හැට්ට හැමෝටම මහන්නත් බෑ. ඒක හින්දා ඔයාගේ සාරි හැට්ටය ඔයාටම මහගන්න තමයි අපි මේ කියලා දෙන්නේ. එහෙනම් අද අපි බෝට් නෙක් සහිත සාරි හැට්ටයක් මසාගන්නා හැටි බලමු.

 

මෙය ඉතාමත් අලංකාර, වැඩි ඉල්ලුමක් පවතින සාරි හැට්ට විලාසිතාවකි. තරුණ සිිහින් සිරුරක් සහිත යුවතියකට මෙන්ම පිරිපුන් හා වඩාත් උස මහත කාන්තාවකට වුවද උචිතය. මෙම මෝස්තරය ඉදිරි හෝ පිටුපස විවරය සහිතව හෝ රහිතව ද මසා ගත හැකියි. මේ වනවිටත් ඔබ මූලික පතරොම සැකසීමට දැනුම ලබාගෙන ඇත. එසේ නම් ලෝකය දකින ඕනෑම මෝස්තරයක් මූලික පතොරම අැසුරින් පහසුවෙන් නිර්මාණය කළ හැකියි.

 

අවශ්‍ය මිමි

 

උරහිස = 13-1 =12

පපු වට -32+4+1 = අඟල් 9 (ඉදිරි පළුව) +32+4 = අඟල් 8 (පිටුපස පළුව)

ඉණවට -26+4+6 1/2

ඉහළ සිට කර ගැඹුර - අඟල් 7 (ඉදිරි) අඟල්

9 පිටුපස කර ගැඹුර

ඉහළ සිට පපුව මුදුන උස - අඟල් 9 1/2

ඉහළ සිට පපුව යට උස - අඟල් 12 1/2

ඉහළ සිට සම්පුර්ණ උස - 15 ඉදිරි උස (13

පිටුපස උස)

ඩාට් පරතරය - අඟල් 6

අත දිග - 13

අත වට -10

 

මැසීමේ පියවර - මුලින්ම කපාගත් ඉදිරි පළුව හා පිටුපස පළුව ස්ටිප් පටි යෙදු පේෂින් කරට කර තබාගන්න. බ්‍රාකට් වෙන් කළ කොටසේ ඩාට් තුන මසන්න. පහළ කොටස හා ඉහළ කොටස් දෙක එකට තබා මසන්න. කිහිලි කට කර්ණාකාර පටි යොදමින් නීට්කර ගන්න. උරහිස් එකට තබා මසන්න. පිටුපස පළුවට හක් වාටියක් හෝ ෂිපරයක් තබා හැඩකර ගන්න.

 

 

උපදෙස් -

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවීණ මැහුම් උපදේශිකා

අනූෂා සඳමාලි