බෙල්ල වැහෙන ජැකට් එකත් හරිම ලස්සනයි

ජුනි 17, 2024

ටේප් එකෙන්, චෝක් කෑලිවලින්, කතුරෙන්, නූල්වලින් ලස්සන නිර්මාණයක් කරලා තව කෙනෙක් ලස්සන කරන්න හැමෝටම බැහැ. ලස්සන කරලා බලද්දී ඒ දැනෙන සතුට වචනවලට ගන්නත් බැහැ. ඉතින් මැහුමට පිහිටි ඔබේ දෑත සැබැවින්ම වාසනාවන්තයි.

ඔන්න එහෙනම් බිස්නස් එකක් වුණත් දැන් ඔයාට පටන් ගන්න පුළුවන්. මේ වන විට අපි සාරි ජැකට් එකක් හරියටම මහන සියලුම කොටස් ඔබට ලබා දී අවසන්. කිසිදු මැහුම් දැනුමක් නැති කෙනෙක්ට වුණත් මහන්න පුළුවන් විදිහයි අපි ඔබට කියා දුන්නේ. එහෙනම් අද අපි බලමු කොළරය සහිත හයිනෙක් සාරි ජැකට් එකක් මහගන්නේ කොහොමද කියලා.

උරහිස අඟල් 15

පපුව වට අඟල් 37

ඉණවට අඟල් 30

ඉහළ සිට කර ගැඹුර (ඉදිරි)

අඟල් 7 පිටුපස කර

ගැඹුර - අඟල් 1

ඉහළ සිට පපුව මුදුන

උස අඟල් 10 1/2

ඉහළ සිට පපුව යට

උස අඟල් 14

ඉහළ සිට පපුව සම්පූර්ණ

උස - අඟල් 16 ඉදිරි අඟල්

පිටුපස අඟල් 14

ඩාට් පරතරය

අඟල් 7

අත දිග අඟල් 15

අත වට අඟල් 15 /10

මූලික කර සෙවීම (බෙල්ලේ ගාණටම කර ගන්නා විට මෙම සුත්‍රය භාවිත කරන්න)

එනම් කර පළල සෙවීම - කරවට /6 + අඟල් 1/4 එනම් 15/6+ 1/4 = අඟල් 2 3/4

කර ගැඹුර සෙවීම - කරවට /6+ අඟල් 1/2 එනම් 15+6+ 1/2 = අඟල් 3

 

පපුව 40 වඩා වැඩි වූ විට කිහිලි කටට ඩාට් අගයක් ලබාදීමෙන් පපුවේ හා කිහිලි කට ප්‍රදේශයෙන් වැඩි අලංකාරයක් ලැබේ.

 

මුලින්ම නැම්මට තබා අඟල්

1 1/4 බැගින් රේඛා දෙකක් ලකුණු කරන්න.

එහි හරි මැද කොළරයේ අවශ්‍ය උස ලකුණු කරමින් ඉහළ රේඛාවේ කෙළවර දක්වා කොළරයේ හැඩය අඳින්න. ස්ටිප් තබා අයන් කරන්න.

 

ඔබට මෙවැනි හැඩයේ කොළරයේ ඉතා පහසුවෙන් නිර්මාණය කළ හැකියි.අඟල් 8 දිග 3 1/2 පළල කොටසක් නැමීමට තබා ඉහළින් වැඩිපුර අඟල් 1 1/2ක් ලබා දී කොළරය හැඩ කරන්න. ස්ටිප් තබා අයන් කරන්න.

 

උපදෙස් -

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවීණ මැහුම් උපදේශිකා

අනූෂා සඳමාලි