හැඩට වැඩට උඩින් දාන මෙහෙම මහමු ඕවර් කෝට්

ජුනි 24, 2024

 

මැහුම් කියන කලාවත් භාවනාවක්. මේ භාවනාවෙන් අතට මුදලකුත් උපයන්න හැකියි. කිව්ව දේට පුදුම වෙන්න එපා. ඒක තමයි ඇත්ත. කිසිදු මැහුම් දැනුමක් නැති කෙනෙක්ට වුණත් මහන්න පුළුවන් මෙන්න මේ ගවුම. ඕවර් කෝට් ගවුම. මේක ගොඩක් අය අඳින ඒ වගේම හරිම ලේසියෙන් මහන්න පුළුවන් අැඳුමක්. තවත් ඇඳුමකට උඩින් අඳින බැවින් ලස්සන රෙදි කොටසක් යොදාගෙන මහගන්න. එහෙමනම් දැන් ඉතින් මෙවැනි ඕවර් කෝට් කීපයක් මසා බිස්නස් එක පටන් ගන්න පුළුවන් නේද?

 

අවශ්‍ය මිමි

* උරහිස = අඟල් 13/2 = අඟල් 6.5

* පපුව වට = 32/4= 8 + 1/2 (බුරුල)

= අඟල් 8 1/2

* ඉණ වට = 26/4= 6 1/2+1

(ඩාට් පළල) = අඟල් 7

* උකුළ වට = 33 /4 = අඟල් 8 1/4

* උර සිට පපුව මුදුන උස = අඟල් 9

* උර සිට ඉණට උස = අඟල් 13

* උර සිට සම්පූර්ණ උස = අඟල් 49

* ඩාට් පරතරය = 6/2 = අඟල් 3

* අත දිග = අඟල් 13

* අත වට = අඟල් 10/2 = අඟල් 5

 

අත සැකසීම

 

ඉදිරි හා පිටුපස පළු දෙකෙහිම ඉදිරි, පිටුපස පතරොමෙන් ලබාගත් මිනුම ලබා ගන්න.(කිහිලිකට ඊතලයකින් ලබා ගත් දුර)

පතරොමෙන් ලබා ගත් දුර -

ඉදිරි අඟල් 6 1/2

පිටුපස 6 1/2+1 14කි

 

ඕවර් කෝට් සහිත ගවුමේ ඇතුළත ගවුම කොටස

 

මෙම කොටස තනි පැහැ රෙද්දකින් ගන්න. උරහිසට පටි යෙදූ A ලයින් හැඩයේ කොටු කර සහිත ඉතාම සරල ගවුම් මෝස්තරයකි.

ඕවර් කෝට් ගවුමේ මැසීමේ පියවර - මුලින්ම ඉදිරි පළුවේ කර පටි පේශීන් දමා අයන් කර ඉදිරි පළුවට තබා මසන්න. එහිදී ඉණ ප්‍රදේශයට (අැගේ හැඩවන තැනට අඟල් 3ක් පමණ ලූප් සාදා ඉදිරි පළු දෙකම සමාන වන ලෙසින් අල්ලන්න. පිටුපස පළුව ද පේශින් දමා කරට කර තබා මසන්න. උරහිස මූට්ටු කර අත අල්ලන්න. අත ඇල්ලීමේදී උරහිසට අතේ ඉහළ රැලි තබමින් මසන්න. අංශ මසා උස අවසන් වාටිය මසන්න.

උපදෙස් -
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවීණ මැහුම් උපදේශිකා
අනූෂා සඳමාලි