ගෙත්තම මනරම් සෙනෙහස ඉස්තරම්

ජූලි 1, 2024

ජීවිතය කියන්නෙත් ගෙත්තමක්. තම තමන් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන ස්වභාවය අනුව එහි විසිතුරුභාවය සහ වටිනාකම වැඩි වෙනවා. ගෙත්තම හා බැඳිම හරි අපූරුවට ප්‍රතිනිර්මාණය කළ ආදරණීය නිර්මාණයකි. මව සහ පුතුගේ සෙනෙහස විදහාපාන අනගි කතිර රටාවකි මේ. අලුත විවාහපත් වූ යුවළකගේ නිදන කාමරය සරසන්න, අලුත් බලාපොරොත්තුවක් මල්ඵල දරන්න ආදරණීය දසුනකි.

මේ නිර්මාණයේ රෝසමල් පොකුරු කිහිපයකි. නිර්මාණයට වඩාත් සුන්දරවූත්, අලංකාරවූත් පෙනුමක් ලබා ගැනීමට කපු කැරැලි නූල් පමණක් යොදා ගන්න. එවිට මේ රෝසමල් පොකුරු හරි අපූරුවට දිස්වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 10ක් ඇති සුදු පැහැති

අයිඩා රෙදි කොටසක්

නොම්මර 18, 24 සිට නොම්මර 26 දක්වා ටැපැස්ට්‍රි

ඉඳිකටු

අවශ්‍ය වර්ණ සහිත කපු කැරැලි නූල්

රාමුවක්

කතුරක්

 

නිර්මාණය කිරීම

මෙම නිර්මාණය ඔබට අඟල් 15 x15 ප්‍රමාණයට මසා ගත හැකියි. එසේ නොමැති නම් මෙය කොටු ගණන්කර මසා ගන්න පුළුවන්. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. නූල් පොටවල් දෙක භාවිතයෙන් මෙම නිර්මාණය මැසිය හැකියි.

ඔබ කතිර මැසීමේදී නූල් තදින් ඇදීම නොකළ යුතු මෙන්ම බුරුල් ලෙස මැසීම ද නොගැළපෙයි. එය සමබර ලෙස පවත්වාගෙන යාමට තරම් ඔබ දක්ෂ විය යුතුයි. කතිර මැසීම මනසට සුවගෙන දෙනවා යැයි කියන්නෙත් මේ නිසා විය හැකියි.

 

නිර්මාණය -  යමුනා දර්ශනී