ඉඳිකටු තුඩින් මවන හරි ලස්සන රූ රටා

ජූලි 1, 2024

ජිවිතේ යම් යම් කාලවලදී අපිට අපිවම පරික්ෂා කරන්න අවස්ථාවන් ලැබෙනවා කියලා ඔයා දන්නවද?

ඔව්, ඔයාටවත් හිතාගන්න බැරි අමාරු අවස්ථා ගොඩකට ඔයා හරි ශක්තිමත්ව මූණ දීලා තියෙනවා . ඔයා තුළ තියෙන දරා ගැනීම කොච්චරක්ද කියලා ඔයා හරියටම දැන ගන්නේ ඒ අභියෝගවලට මුණ දීලා ඒ තැනින් ඔයා ගොඩ ආපු දවසටයි .

ජීවිතේ සිද්ධ වෙන හැම සිදුවීමකින්ම අපි පාඩමක් ඉගෙන ගන්නවා. ඒ අත්දැකිම් තුළින් අනාගතයේ වෙන්න පුළුවන් හැමදේටම හොඳින් මූණ දෙන්න ඔයාට පුළුවන් මතක තියා ගන්න , අපිට ප්‍රශ්නවලින් අභියෝගවලින් පැනලා යන්න බැහැ. ඒවාට මූණ දෙන්නම වෙනවා . ඉතින් ඔයා හිතනවද ඔයාට දැන් මහන්සියි, ඔයා පව් , ඇයි ඔයාටම මෙහෙම වෙන්නේ කියලා ..

දන්නවද , අපි එහෙම හිතුවට අපිට වඩා ප්‍රශ්නවල ඉන්න මිනිස්සු ඕනේ තරම් ඉන්නවා . එදා වේල කන්න දෙයක් නැතුව ඉන්න, කරන්න දෙයක් නැති මිනිස්සු කොච්චර නම් ඉන්නවද? එහෙම බලද්දී ඔයා වාසනාවන්තයි නේද ?

හැමවෙලේම තමන්ට ලැබුණ දෙයින් සතුටු වෙන්න . හැමවෙලේම අනාගතේ ගැන හොඳ සැලැස්මකින් ඉස්සරහට යන්න . ලොකුම දේ තමා ඔයා ඔයා ගැන විශ්වාස කරන්න , ඔයාට මේ ජීවිතේ දිනන්න පුළුවන් . මේ කරන්නෙත් අනාගත ආයෝජනයක්

අද අපි Hand Embriodery කලාවට අවශ්‍ය තවත් මැහුම් ක්‍රම කිහිපයක් බලමු.

කවුච් කිරීම (Couching Stitch)

මේ සඳහා නූල් වර්ග දෙකක් භාවිත කරනු ලැබේ. මෙහිදී පළමුව රේඛාවක් භාවිත කරමින් එකවර එම රේඛාවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට පළමු නූල ඇද ගැනීම සිදු කරනු ලැබේ. පසුව දෙවැනි නූල ගෙන පළමු නූලට ගැට යොදා ගැනීම සිදුවේ.පළමු නූලේ වම්පසින් ඉඳිකටුව ගෙන ඒ හා සමානවම පළමු නූලේ දකුණු පසින් ඉඳිකටුව පහළට දැමිය යුතුය.

මැස්සා මැස්ම (Fly Stitch)

මෙම මැස්ම මැසීම සඳහා රේඛා තුනක් අවශ්‍ය වේ.

බ්ලැන්කට් මැස්ම ( Blanket Stitch )

විශේෂයෙන්ම වාටි මසා ගැනීම සඳහා මෙම මැස්ම භාවිත කරනු ලැබේ. මෙහිදී අප රේඛා දෙකක් ඇඳ ගත යුතුය.

රූපයේ දක්වා ඇති ආකාරයට ඩොට් තබා ගත යුතුවේ.මෙහිදී ඉඳිකටුව පළමු ඩොට් එකෙන් ඉහළට ගෙන දෙවැනි ඩොට් එකෙන් එළියට දැමිය යුතුය. පසුව තුන්වැනි ඩොට් එකෙන් නැවතත් ඉහළට ගෙන එක හා දෙක අතර ඇති නූල් පොටෙහි පටලවා ගත යුතුවේ. නැවත හතරවැනි ඩොට් එකෙන් ඉඳිකටුව යවා පස්වැනි ඩොට් එකෙන් ඉහළට ගෙන නැවත තුන හතර නූල් පොටෙහි ඉඳිකටුව පැටලවිය යුතුය. මේ ආකාරයට දිගටම මසාගත යුතුය.

ඉඳිකටුව පළමු රේඛාවේ මුදුනෙන් ඉහළට ගෙන තුන්වැනි රේඛාවෙන් පහළට ගත යුතුය. එසේ ගන්නා විට ලූප් එකක් සකසා ගත යුතුය.තුන්වැනි පියවර ලෙස නැවත ඉඳිකටුව දෙවැනි රේඛාවෙන් ඉහළට ගැනීම සිදුකරයි. එවිට ලූප් එක තුළින් ඉඳිකටුව ගත යුතු වේ. පසුව දෙවැනි රේඛාවේ මඳක් පහළින් ඉඳිකටුව පහළට යැවිය යුතුය. නැවත ආරම්භ කරනුයේ මැද එනම් දෙවැනි රේඛාවේ ඉඳිකටුව ඉහළට ගත් ස්ථානයට සමාන්තරව පළමු

රේඛාවෙනි. නැවත ඉඳිකටුව පහළට දැමිය යුත්තේ තුන්වැනි රේඛාවේ ඊට සමාන්තරවයි. නැවතත් ඉඳිකටුව ඉහළට ගත යුත්තේ දෙවැනි රේඛාවේ පළමු මැස්මේ ඉඳිකටුව පහළට දැමූ සිදුරෙන්මය. මේ ආකාරයට දිගටම මැසිය යුතුය. පඳුරු/ ගස්වල අතු / කොළ මැසීමට මෙය වඩාත් යෝග්‍ය වේ.