නින්දට යනවිටත් ලස්සනට ඉන්න

ජූලි 1, 2024

 

රාත්‍රී නින්ද... මේ ගැන මතක් වෙන විටම දෙවනුවට මතක් වෙන්නේ සුවපහසු ඇඳුමකි. පිජාමා සූට් එක. කාන්තා පිරිමි භේදයකින් තොරව දෙපාර්ශ්වයේම අයට හැඩවිය හැකියි. එය රාත්‍රී නිදන ඇඳුම් අතරින් බොහෝදෙනෙක් ප්‍රියකරන වැඩි ඉල්ලුමක් පවතින රාත්‍රී ඇඳුම් කට්ටලයකි. මෙය මැසීම සඳහා ඇඟට සුවපහසු රෙදි වර්ග ඔබ තෝරාගත යුතුයි.

 

මේ පිජාමා කට්ටල වෙළෙඳපො‍ෙළ් විවිධ මිල ගණන් යටතේ මිලදී ගන්නට ඇති මුත් අද අපි ලබාදෙන පහසු ක්‍රමයට මැසීම හුරුවන්නේ නම් ඔබේ මුදල් පසුම්බියට කදිම ආයෝජනයකි.

 

අවශ්‍ය රෙදි වර්ග

මේ සඳහා ඇදෙන සුළු, ඇඟට සුවපහසු මෙන්ම කොට්න් මිශ්‍ර රෙදි වර්ග ද ඉතා සුදුසු වේ. එනම්, ලේස් කොටින්, චීත්ත, පොප්ලින්, මස්ලින්, පැනල්, බතික්, සෙටින්, වෙලෝනා

යොදාගත හැකිය.

 

අවශ්‍ය රෙදි ප්‍රමාණ

මේ සඳහා අඟල් 45 පළලින් මීටර් 3 1/2ක් හෝ මීටර් 60ක් පළලින් මීටර් 2ක් පමණ සෑහේ.

 

මූලික පතොරම උපයෝගිකර ගනිමින් ඉතාම පහසුවෙන් පිජාමා කලිසම නිර්මාණය කළ හැකිය.

ඉණට ඉලාස්ටික් යෙදූ ඉතා සැහැල්ලු කලිසමකි.

 

උකුල වට = අඟල් 40

උස = අඟල් 40

 

මෙහිදී උකුලට උස සූත්‍රයක් අැසුරින් සොයා ගත හැකියි. එනම්

 

ඉදිරිපස නැම්ම උකුල /4

40/4 = 10/4 = අඟල් 2.5

 

පිටුපස නැම්ම

අඟල් 2.5

ඉලාස්ටික් අඟල් 1 හෝ

අඟල් 1 /2 පළල ගන්න.

 

ඉලාස්ටික් වාසිය

උකුල/4 + 1 1/2 =

40/4+1 1/2 = 11 1/2

රාත්‍රී නිදන ඇඳුම් කට්ටලය මැසීමේ පියවර

බ්ලවුස් කොටස - මුලින්ම උරහිස් දෙක එකට තබා මූට්ටු කරන්න. ඉදිරිපස පේෂින් කොටස තබා මූට්ටුකර රූපයේ පෙනෙන පරිදි කොළරය තබා මසන්න. පසුව අත මසන්න. අංශය මසා පහත වාටිය මසන්න.

කලිසම මැසීම - ඉදිරි හා පිටුපස පළු එකට තබා මසන්න. පසුව ඉන් සීම් (ඇතුළත මැහුම) මසන්න. ඉණට ඉලාස්ටික් අල්ලන්න. ඉලාස්ටිය කැපී‍ෙම්දී ඉණවට වඩා අඟල් 4ක් අඩුවෙන් ගන්න. ඉලාස්ටිය කොටස් 4ට බෙදා ගැනීමෙන් පහසුවෙන් මැසීමේ හැකියාව ලැබේ. පහත වාටිය මසන්න.

උපදෙස් -

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවීණ මැහුම් උපදේශිකා

අනූෂා සඳමාලි