ජගන් මෝහිනී මධුර භාෂිණී දේවිය සරස්වතී

සුවහසක් තරුණී පාඨකයන්ගේ ඉල්ලීම ඉටු කරමින් ආරම්භ කළ කතිර මැහුම් ඉස්කෝලේ
ජූලි 8, 2024

මෙවර තරුණී 55 වැනි සංවත්සරය වෙනුවෙන් ගෙත්තමට ළබැඳි ඔබට සරස්වතී දේවියගේ රුව මසාගන්නා අයුරු ලබා දෙන්නෙමු. මෙවැනිම ලස්සන කතිර රටාවලින් තරුණී සැරසෙන නිසාම බොහෝ දෙනෙක් මේ කලාවට ඇලුම් කරති. ඒ අතර ආධුනික ඔබටත් හරියටම කතිර රටාව ගෙත්තම් කරන්න අපි කියා දෙන්නෙමු.

සියවස් ගණනාවක් ඈත අතීතයකට උරුමකම් කියන කතිර රටා එම්බ්‍රොයිඩරි කලාව අද ලෝකයේ මෙන්ම ලංකාවේ ද ජනප්‍රියම මැහුම් කලාව වී අවසානය. තරුණී දුරකථනයට එන අැමතුම් එයට සාක්ෂි දරයි. මෙයත් එවැනිම ඉල්ලීමක් ඉටු කිරීමකි. එසේ නම් නිවෙසට සිිරිකත කැන්දන සරස්වතී දේවියට මෙලෙස කතිර රටාවෙන් ජීවය දෙමු.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 10ක් ඇති

සුදු පැහැති

අයිඩා රෙදි කොටසක්

ටැපැස්ට්‍රි ඉඳිකටු

අවශ්‍ය වර්ණ සහිත

කපු කැරැලි නූල්

රාමුවක්

කතුරක්

 

නිර්මාණය කිරීම

 

මෙම නිර්මාණය සෙන්ටිමීටර් 20 x 26 ප්‍රමාණයේ එකකි. අවශ්‍ය නම් මෙය කොටු ගණන්කර මසා ගන්නත් පුළුවන්. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. නූල් පොටවල් දෙක භාවිතයෙන් මෙම නිර්මාණය මැසිය හැකියි.

කොටු ගණන්කර මසා ගත හැකි මෙම නිර්මාණයට Ari Issabel නමින් වෙළෙඳ පොළෙහි ඇති පෑන භාවිතකොට ගෙන ඇඳ ගන්න. එය පැය විසි හතරක් වැනි කාලයක් තුළ මැකී යයි. ඔබ කිසි විටෙකත් කොටු වෙන් කිරීමට පෑනක් හෝ පැන්සලක් භාවිත නොකරන්න. මේ මතක් කිරීම ඔබට කතිර මැස්ම වඩාත් ක්‍රමවත්ව සිදුකර ගැනීමට උපකාරී වනු ඇත.

නිර්මාණය - යමුනා දර්ශනී