සෝෆාව හැඩකරන කුෂන් බට්ටා

ජූලි 15, 2024

ආලින්දය හැඩ කරනා සෝෆාව ලස්සනට අාකර්ෂණීයව තිබීම ගෘහිණියට සතුටක්. ඒ වගේම නිවෙෙසට පැමිණෙන අමුත්තන්ගෙන් ඇයව ඇගයීමට කාරණාවක්.

ඔබත් මෙන්න මේ කුෂන් කවරය මසාගෙන බලන්න. හරිම ලෙහෙසියි වගේම මැසීම පහසුයි. වැඩි වෙහෙසක් නොවී මෙවැනි කුෂන් හැඩ කරන කොට්ට කිහිපයක්ම මසා ගත හැකියි. මෙය ඔබට පුංචි ස්වයං රැකියාවකට කදිම අත්වැලක් සපයාවී.

 

මේ සඳහා අවශ්‍යයි

කහ, නිල් පැහැති වෙල් බෝවා ෆෙල්ට් රෙදි කොටසක්

ඇස් සඳහා

කළු, සුදු, අළු සහ ක්‍රීම් පාට

වෙල් බෝවා

පැඩින්

ඇලවීමට ගම් - (B 6000)

 

නිර්මාණය සකසන්නෙ මෙහෙමයි.

 

පළමු වැනි රූපයේ දැක්වෙන පරිදි A3 කොළයක් ගෙන හතරට නවා කොන රවුම් කරගන්න. එවිට කොට්ටයේ මුළු හතරම රවුම් හැඩයක් ගන්නවා. මෙලෙස කොට්ටයේ පතරොම සකසා ගත් පසු කහපාට වෙල්බෝවා රෙදි කැබැල්ලක් ගෙන කොට්ටයේ ඉදිරිපස කොටස සහ පිටුපස කොටස කපා ගන්න. 02 රූප සටහනෙන් පෙනෙන පරිදි කොට්ටයේ ඉදිරිපස සහ පිටුපසට කොටස් සකසා ගන්න.

03 රූප සටහනේ පරිදි ඔබ තෝරාගත් ෆෙල්ට් රෙදිවලින් කළු, සුදු සහ අළු වර්ණයන්ගෙන් ඇස් සඳහා කොටස් කපා ගන්න.

ඇඳුම සඳහා ද නිල් පැහැති වෙල්බෝවා කොටසක් කපා ගන්න. දැන් B 6000 ගම් භාවිතයෙන් ඔබට අවශ්‍ය පරිදි අලවා ගන්න. ඉන්පසුව කහ පාට රෙදි කොටස් දෙක තබා මසාගන්න. කකුල් දෙක සඳහා ද රූප සටහනේ පරිදි කොටස් හතරක් කපා ගන්න. කණපිට පැත්තෙන් එය වටේට මසාගෙන හොඳ පිට හරවා ගන්න. දැන් අවසානයට පැඩින් පුරවා ගන්න.

 

 

රූ රටා - අංජන හිරුෂාන්

 

උපදෙස්

ප්‍රවීණ අත්කම් නිර්මාණ උපදේශිකා

හංසි ජයකොඩි