මෙන්න දැන් ට්‍රෙන්ඩ් එක ක්‍රොප් ටොප්

ජූලි 15, 2024

ඔන්න ඔබට ගැළපෙන ලස්සනම ලස්සන කියුට් ක්‍රොප් ටොප් එකක් මෙතැනින් තෝරා ගන්න. සාම්ප්‍රදායික පෙනුමින් ඔබ්බට ගිය විලාසිතා හඹා යන අාදරණීය ඔබට කදිමයි. අද දියණියන් වැඩිපුරම අඳින්නට කැමැති හැඩැති විලාසිතාවකි. අමතර පන්තියට, සැදෑ සාදයට, කාර්යාලයට හැඩට යන්න අපූරුයි.

උකුළ, ඉණ හැඩට පිළිබිඹු කරන මෙවන් ක්‍රොප් ටොප් ඕනෑම රෙදි වර්ගයක් භාවිතයෙන් ඉතාමත් පහසුවෙන් මසා ගත හැකියි. සාරි ජැකට් එකකට වුව මේ ක්‍රොප් ටොප් ගළපා ගන්නා බවක් මඟ තොටදී හමුවන විලාසිතා සාක්ෂි දරයි. ඔන්න ඉතින් අද අපි ඔබ වෙනුවෙන් අපූරු ක්‍රොප් ටොප් විලාසිතා කිහිපයක් ගෙන එන්නෙමු.

ක්‍රොප් ටොප් (croptop) යනු යුවතියන් අතර ඉතා ජනප්‍රිය වුණු විලාසිතාවකි. නිර්මාණය අනුව එයට ගැළපෙන ඕනෑම රෙදි වර්ගයක් භාවිත කිරීමේ හැකියාවද ඇත.

සරලව නිර්මාණය කළ හැකි විලාසිතාවන් කිහිපයක් එක්කර නිර්මාණයකර ගැනීමටද පුළුවන. බ්ලවුස් එකක් මෙන්ම සාරි හැට්ටයක් ආකාරයටත් මෙය මසා ගත හැකියි.

ගොතන ලද crop top ද දැන් ට්‍රෙන්ඩ් එකයි. එයද සරල නිර්මාණ මෙන්ම වැඩි නිර්මාණ ප්‍රමාණයක එකතුවක් ලෙසද සාදාගත හැකියි.එමෙන්ම ගෙතීම සඳහා භාවිතවන නූල් වර්ගය අනුව මේ ස්වභාවය වෙනස් වෙයි. වූල් වැනි නූල් වර්ග භාවිතකර ගෙතීමේදී ඇඳුම ඇදීමක් සිදුවෙයි. එවැනි අවස්ථාවක පතරොමක් සාදා ඒ භාවිතකර ගොතා ගැනීම උචිතය. එමෙන්ම විලාසිතා නිර්මාණය වැඩිවන අවස්ථාවලද පතරොමක් සාදා ගැනීම පහසුය.

ඔබ පතරොමක් සාදා ගන්නේ නම් ඔබට අවශ්‍ය නිර්මාණය අනුව මූලික පතරොම සාදා ගන්න. පතරොම සාදා ගැනීමේදී අවශ්‍ය මිමි ටික ඇ‍ෙඟ් ගාණට ගන්න. මැහුම් වාසි හෝ බුරුලක් එක් කිරීමට අවශ්‍ය නොවේ. අපි රෙදිවලින් මසන ඇඳුමක් මසනවාට වඩා ගොතන ලද ඇඳුමක් භාවිත කිරීමේදී මැෂමන්ට් ගැනීම ගාණට ගැනීමක් විය යුතුයි. ඇඳුමේ වර්ගය අනුව ඔබට ඇඳුම බුරුලට අවශ්‍ය නම් එම අනුව මිමි ගණනය කරන්න.

එමෙන්ම නූල ඇදෙන ස්වභාවය වැඩිද යන්න මඳක් ගොතාගෙන යෑමේදී ඔබට පැහැදිලි වනු ඇත. ඇදෙන ස්වභාවය වැඩිනම් මැෂමන්ට් එකෙන් අඩුකර සාදා ගන්න.

මෙම පින්තුර ඉතා සරලවම සාදාගත හැකි නිර්මාණයන් වේ. එම නිර්මාණ සඳහා ඔබට පතරොමක් භාවිත නොකර ගොතාගත හැකියි.

ගෙතුම් රටාව හා වර්ණ භාවිත කිරීමෙන් වඩා අලංකාර නිර්මාණ බිහි කළ හැකියි. ක්‍රොප් ටොප් එක ගෙතීමේදීද ඔබට අවශ්‍ය වර්ණ සහ එම රටාවල් වෙනස්කර සාදා ගැනීමට පුළුවන්. නූල් වර්ග අපට අවශ්‍ය වර්ණවලින් තෝරා ගැනීමට පුළුවන්.

එමෙන්ම මෙලෙස සාදාගැනීමට ඔබට ගෙතීම පිළිබඳ දැනුමක් තිබිය යුතුයි. ඔබට ඇඳුම් ගෙතීමේ හැකියාව නොමැති නම් එම දැනුම ඇති කෙනෙකු ලවා ඔබට අවශ්‍ය නිර්මාණය කරගත යුතුයි. නැතිනම් ඔබට එය අධ්‍යයනය කළ හැකියි. ගෙතුම් කලාව යනු තවත් සුවිශේෂී එක් කලාවකි. ඇඳුම් නිර්මාණයේදී එය නොයෙක් අවස්ථාවලදී භාවිත කිරීමට හැකියාව ඇත.

කාන්තාවන්ට ව්‍යවසායක අවස්ථාවක් ලෙසද යොදාගත හැකි ක්‍රමයකි. මැහුම්වලදී ගෙතුම් කලාව එකතුකර නිර්මාණ බිහි කිරීමේදී කාන්තාවන්ට හොඳ ආදායම් මාර්ගයක් සකසා ගත හැකියි. ගෙතුම් කලාවේද නොයෙක් පැතිකඩයන් යටතේ ක්‍රම භාවිත වේ. එමෙන්ම ගොතන නූල් වර්ග අනුවද වෙනස් වෙයි. නි‍ෙවසේ සිටින කාන්තාවන්ට නි‍ෙවසේ සිටම කළ හැකි වෘත්තියකි. ගෙතුම් කලාව මඟින් ඇඳුම්ම පමණක් නොව නි‍ෙවසේ බොහෝ තැන්වලට ගැළපෙන නිර්මාණයන් සාදා ගැනීමට පුළුවන. අප මිලදී ගන්නා දොර රෙදි පවා අපට ගෙතුම් කලාවෙන් සාදා ගැනීමට පුළුවන. ඔබට කුෂන් කවර, ටේබල් මැට්, බිත්ති සැරසිලි, භාණ්ඩ වැසීමට නොයෙක් නිර්මාණ මේ ආකාරයේ ඕනෑම වර්ගයකට ඔබට නිවෙස ඇතුළත භාවිත කිරීමට පුළුවන. ඇඳුම් නිර්මාණයේදී පුංචි දරුවන්ගේ ඇඳුම් සඳහා ද ගෙතුම් කලාව බහුලව භාවිත කරයි. නූල්වලින් දරුවන්ට ඇති පහසුව නිසාම පුංචිම දරුවන්ගේ ඇඳුම් නිර්මාණය මේ සඳහා භාවිත කරයි. එමෙන්ම එහි ඇති අලංකාරය නිසාද දරුවාගේ සියලුම ඇඳුම් නිර්මාණය කිරීමේ හැකියාව නිසාද හොඳ වෙළෙඳපොළක් සාදාගත හැකියි.

බ්ලවුසය කපා ගැනීම සඳහා රෙදි කොටස දෙකට නවාගන්න. උරහිස මිම්ම දෙකට බෙදා මැහුම්වාසි සමඟ උරහිස රේඛාවේ ලකුණු කරන්න. උරහිස මිම්මේ සිට අඟල් 1 3/4ක් පහත්කර අපි මූලික කර සාදාගත යුතුයි. මුලින් කරේ සිට ඉණ දක්වා උස හා සම්පූර්ණ උස පහතට ලකුණු කරන්න. අක්කට රේඛාවේ උස සඳහා අගල් 8ක් පහත් කර අත්කට රේඛාව ඇඳගන්න.

ඇදුමේ පළුවක මිමි ලකුණු කිරීම සඳහා පපුවට ඉණවට උකුළවට යන මිමි හතරෙන් බෙදා මැහුම්වාසි හා බුරුල සඳහා එකතුකර පළුවක මිමි අත්කට රේඛාවේ, ඉණ රේඛාවේ, වාටිය රේඛාවේ ලකුණු කරන්න. අංශය හැඩකර ගන්න. මැහුම්වාසි තබා කපාගන්න. අත් රහිතව මසා ඇති නිසා අත්කට පමණක් ඇඳ ගන්න.

ඔබට ඉදිරිපස හා පසුපස දෙකම එකම ආකාරයට කපා ගත හැකියි. ඇඳෙන රෙදි වර්ගයකින් කපන්නේ නම් පළු දෙකම නැම්මට කපා ගැනීමට පුළුවන. ඇඳෙන සුළුගතිය අඩුයි නම් පසුපසට හෝ ඉදිරිපසට විවරයක් තිබිය යුතුයි. ගැළපෙන ආකාරයට සකසා ගන්න.

කරවට සඳහා වෙනම බෑන්ඩ් කොටසක් අල්ලා ඇත. එය කර ප්‍රමාණය අනුව සකසා ගන්න.

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී

දිලූෂි දසනායක