කහ කිරිල්ලියක සේ පියඹා යන්නට එම්පයර් ගවුමක්

ජූලි 22, 2024

 

විලාසිතා ලෝකයේ සැරිසරන ඔබට කිරිල්ලියක සේ ඉගිළී යන්නට කදිම ගවුම් මෝස්තරයකි මේ. එම්පයර් ගවුම යුවතියගේ සැබෑම ලස්සන විදහාපායි. ඕනෑම තැනකට උචිතයි. අප ලබා දී අැති මූලික පතරොම අැසුරින් ඉතා පහසුවෙන් නිර්මාණය කළ හැකියි.

නිවුන් සොයුරියන්ට, හොඳම යෙහෙළියන්ට වගේම ආදරණීය මවකට සහ දියණියකට එක වගේ මෙවැනි ගවුම් මසා හැඩවන්නටත් පුළුවන්. පුංචි උත්සාහයක් ගෙන ඔබත් මේ මෝස්තරය මසා ගන්නකෝ.

මේ ගවුම මැසීම සඳහා කට්ලොන්, මාෂා, ලිනන්, විස්කෝස්, ලේස් කොට්න් වැනි රෙදි වඩාත් සුදුසු වේ. එමෙන්ම රෙදි මීටර් 3ක් පමණ අවශ්‍යයි.

 

 

උරහිස = අඟල් 15

පපුව වට = අඟල් 36

ඉණ වට = අඟල් 32

උකුළ වට = අඟල් 40

ඉහළ සිට පපුව මුදුන උස = අඟල් 10 1/2

ඉහළ සිට ඉණට උස = අඟල් 15

ඉහළ සිට උකුළට උස = අඟල් 22 1/2

ඉහළ සිට සම්පූර්ණ උස = අඟල් 40

 

උරහිස /2 = 5/2= අඟල් 7 1/2

පපුව වට /4 = 36/4 = අඟල් 9 + 1/2 (බුරුල)

ඉණ වට /4 + 1 =32 /4 = 8 +1 = අඟල් 9

උකුළ වට /4 = 40/4 = අඟල් 10

ඕෆ් ෂෝල්ඩර් වටය = අඟල් 42

ඉලාස්ක් ගනණය කිරීම 42/2 = 21+7 = අඟල් 28

 

මුලින්ම උරහිස මුට්ටුකර ගන්න. ඉදිරිපස හා පසුපස ඩාට් මසන්න. පිටුපසින් සිපරය සම්බන්ධකර පේසින් දමා මසා ගන්න. නැතහොත් ලයිනින් දමා මසා ගන්න. එම්පයර් කොටස ද රැලි තබා මැසිය හැකියි. මෙහි පහත කොටස ෆ්ලේයාර්ඩ් ආකාරයට සිටින සේ මසා ගත හැකියි. අංශ මසා පහත වාටිය ද මසන්න.

 

මූලික පතරොම ඇසුරෙන් ඉතා පහසුවෙන් නිර්මාණය කළ හැකි අත් මෝස්තරයකි. මුලික අත කොළයක පිටපත්කර ඉහළ සිට පහළට සමාන තීරු කපා අලවා අතේ ඉහළ හා පහළ රැලි අගය සකසා ගන්න. අත පහළින් අත අගට අඟල් 2ක තීරුවක් කපා ඉවත්කර ගන්න. අනතුරුව තීරු කපා අලවා ගන්න. (රූප සටහන මඟින් විස්තර කෙරේ)

 

 

උපදෙස් -

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවීණ මැහුම් උපදේශිකා

අනූෂා සඳමාලි