හිනැහේවි බෝනික්කා ඇස් නටවා බලබලා

ජූලි 22, 2024

 

ගෙදර ඉන්න ගමන් ඔයාට බැරිද අතට මුදලක් හොයා ගන්න? ඇත්තෙන්ම බැරි කමක් නැහැ. කාලයක් යනකොට අහල පහල කාන්තා උදවියත් වැඩේට එකතුකර ගන්න පුළුවන්. බෝනික්කන් මැසීම හරිම පහසුයි. බෝනික්කාගේ ඇස්, කන්, කට, නාසය වගේම කොණ්ඩය විතරක් නෙවෙයි ඇඳුම වගේ දේවල් කොටස් කරලා ඒ අයටත් හදලා දෙන්න කියන්න පුළුවන්. ඔබ නිකරුණේ ඉන්න කාලය මේ සඳහා යොදවා බලන්න. ඔබටත් පුංචි ව්‍යාපාරයක හිමිකාරිනිය විය හැකියි.

 

ෆෙල්ට් රෙදි (ශරීරය සඳහා ළා වර්ණයක්)

තොප්පිය සහ සපත්තු සඳහා වෙනත් වර්ණයක්

ගවුම සඳහා තොප්පියට ගැළපෙන චීත්ත රෙදි

පිරවීමට පැඩිං

ප්ලාස්ටික් හෝ වෙල්වට් ඇස්

 

දී ඇති පතරොම් අවශ්‍ය ප්‍රමාණයෙන් කපා ගන්න. ඇඟ සඳහා යොදා ගන්නා වර්ණය සහ තොප්පිය සඳහා යොදා ගන්නා පාට වෙන වෙනම කපා ගත යුතුය. පළමුව වර්ණ ඇඟ ඉදිරිපස කොටසින් එකක් කපා ගන්න. ඇඟ පිටුපස කොටස් දෙක එකට තබා කඩඉරි දමා ඇති තැන මහන්න. හොඳ පිට හැරවීමට කුඩා විවරයක් තබා ගන්න. ඉන්පසුව ඇඟ ඉදිරිපස A.B ස්ථානයට කකුල අල්ලාගන්න. එකට මසා ගත් පිටුපස කොටසේ යටට කලිසම යට කොටස c c ස්ථානයට තබා මහන්න. එම කොටසේම AB ස්ථානයට ඉතිරි කකුල කොටස් මහන්න. පළු දෙක එකට තබා උරහිස්වලින් සම්බන්ධකර අත්කට ඉඩ තබා මසා ගන්න. අත් කොටස් දෙක බැගින් එකට මසා එය අත්කට විවරයට තබා මසා ගන්න. කකුල යට කොටසට සපත්තුව DE ස්ථානයෙන් එකට මසා ගන්න. එයට සපත්තුව අඩිය අල්ලා ගන්න. මූණ ඉදිරිපස කොටසට මූණ යට කොටස අදාළ අකුරු ගළපා මසාගෙන, එම කොටස බෙල්ලට අල්ලා මසා ගන්න.එවිට මූණ කොටස සම්පුර්ණ වේ. මූණ වටේට කැමති පාටකින් වූල් හෝ බෝනික්කන්ට යොදන කොණ්ඩය අල්ලා ගන්න. තොප්පිය වටේ කොටස් දෙක බැගින් එකට මසා එය නැවත එකට තබා සම්පුර්ණ රවුමක් එන ලෙස මසා ගන්න. ⁣තොප්පිය වටේ පටිය එයට අල්ලා තොප්පිය රවුම මැදට අල්ලන්න. එම කොටස කොණ්ඩය අල්ලා ගත් තැන වටේට අල්ලන්න. ඉන්පසුව විවරයෙන් හොඳ පිට හරවා පැඩිං පුරවා විවරය නැවත මහන්න.ගැළපෙන ගවුමක් අන්දවා ඇස් සහ නාසය මසා පින්තූරයේ දැක්වෙන පරිදි කට අලවා හෝ මසා ගන්න.

 

 

උපදෙස් -

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

සේනානි සේනාරත්න