ආදරණීය තිළිණයකට කදිම අලංකාර පින්තූර රාමුව

අගෝස්තු 5, 2024

 

ගොඩක් නිර්මාණවලට පාවිච්චි නොකරන පයින් කෝන් (Pine Cone) වලින් වෙනස්ම නිර්මාණයක් හදමුද?

 

අවශ්‍ය ද්‍රව්‍ය :

 

අඟල් 12 x 8 ප්‍රමාණයේ පින්තූර රාමුවක්

පයින් කෝන් 3-4ක්

කෘත්‍රිම කොළ ඉති 4-5ක්

දම් සහ රෝස පාට ෆැබ්රික් තීන්ත

කුඩා පින්සලක්

අඬුවක් සහ කතුරක්

ඇලවීමට ග්ලූ ගන්

 

සාදන අයුරු :

 

මුලින්ම කතුර භාවිත කොට පයින් කෝන් දෙකට මැදින් පරිස්සමට කපා ගන්න. ඉන්පසුව අඬුව භාවිත කොට හිමින් සීරුව එකින් එක පයින් කොටස් කඩා ගනිමින් රූපයේ පරිදි මලක් සේ සකසා ගන්න.

 

මෙසේ සකසාගත් පයින් මල්වල දම් පාට ෆැබ්රික් තීන්ත ඇතුළතට හා පිටතට හොඳින් ආලේප කරන්න. මලේ මැද කොටසට ද රෝස පාට තීන්ත ස්වල්පයක් ආලේප කරගන්න. මේවා පැය 6ක පමණ කාලයක් හොඳින් වියළා ගන්න.

 

අවසාන ලෙස ග්ලූගන් භාවිත කොට සාදා නිම කරගත් පයින් මල් සහ කෘත්‍රිම කොළ ඉති රූපයේ පරිදි නිර්මාණාත්මකව අලවාගන්න.

 

ආදරණීය කෙනෙකුගෙ පින්තූරක් සමඟ මේ පින්තූර රාමුව තෑගි කරන්න හෝ ඔයාගෙ නිෙවසේ ආලින්දය අලංකාර කරගන්නත් කදිමයි. වෙනස්ම නිර්මාණයක් නිසා ගෙදරට පැමිණෙන ඕනෙම කෙනෙක්ගේ නෙතට ඉක්මනින් හසු වේවි.

 

 අත්කම් නිර්මාණ ශිල්පිනී

සුලෝචනා සෙව්වන්දි