ප්‍රංශ ගැටේ ඉ‍ෙගනගන්න

අගෝස්තු 5, 2024

 

Hand Embroidery කලාවේ හත්වැනි පාඩමේදී ඉගෙන ගනු ලබන්නේ මූලික මල් රටා ක්‍රමයි. මූලික මල් රටා ක්‍රම යටතේ මල් වර්ග රාශියක් ඇති අතර ඒවායින් කිහිපයක් අපි ඉගෙන ගනිමු. මූලික මල් රටා ඉගෙනීමේදී අප කලින් ඉගෙන ගත් මූලික මැහුම් රටා ක්‍රම මතක තබා ගත යුතුවන අතර එම මැහුම් රටා ක්‍රම උපයෝගිකර ගනිමින් සමහර මල් රටා ඉගෙන ගත යුතුවේ. එම අවස්ථාවේදී අපි කලින් ඉගෙන ගත් මැහුම් රටා ක්‍රම නැවත සාකච්ඡා කරනුු නොලැබේ. අප ඉගෙන ගනු ලබන මල් රටා ක්‍රම නම්,

 

1) ස්පයිඩර් වෙබ්රෝස් (Spider web rose)

2) බේබිස් බ්‍රෙත් (Baby’s Breath)

3) ලැවෙන්ඩ්‍රා (Lavendra)

4) ෆොගෙට් මී නොට් (Forget me not)

5) ත්‍රිස්ල් (Thistle)

6) ග්‍රේප් හයාසින්ත් (Grape Hyacinth)

7) ඩෙයිසි (Daisy)

8) ටියුලිප්ස් (Tulips)

9) ඇලිනම්ස් (Allinms)

10)වොලිව්මිනස් (Voluminous)

11) සන්ෆ්ලවර (Sunflower)

 

ස්පයිඩර් වෙබ්රෝස් (Spider web rose)

මෙම මල මැසීමේදී පළමුවෙන්ම රවුමක් ඇඳ ගත යුතු වේ. එහි ප්‍රමාණය අවශ්‍යතාව අනුව වෙනස් කර ගත හැකිය. ඇඳගන්නා ලද රවුම මැදින් තවත් කුඩා රවුමක් ඇඳ ගත යුතුවේ.

කුඩා රවුම පිරෙන පරිදි ගැටය භාවිත කරමින් එම මැද පුරවාගත යුතුය.පසුව එම රවුම කොටස් පහකට බෙදා ගත යුතුය. (රේඛා ගසා ගනිමින්) එසේ බෙදා ගත් රේඛා පහ පළමුව මැසිය යුතුය. පසුව එම බෙදාගත් එක් කොටසක එම කොටසේ මැදින් එනම් ප්‍රංශ ගැට ළඟින් ඉඳිකටුව ඉහළට ගෙන (අවශ්‍ය පරිදි දක්ෂිණාවර්තව හෝ වාමාවර්තව මසාගත යුතුය) හමුවන පළමු රේඛා මැස්මට ඇතුළතින් ඉඳිකටුව ගෙන ඊළඟ රේඛා මැස්මෙන් ඉහළින් ඉඳිකටුව ගෙන ඊළඟ රේඛා මැස්මෙන් ඇතුළතින් ඉඳිකටුව ගෙන, මේ ආකාරයට රේඛාවක් හැර රේඛාවක් අල්වමින් මසාගත යුතුය. (රූපයේ දක්වා ඇති ආකාරයට) මල් සඳහා අවශ්‍ය ඕනෑම වර්ණයක් පාවිච්චි කළ හැකිය.

මෙම මල මැසීමේදී අපගේ අතේ මැද ඇඟිලි තුන වටා නූල් එතීම කළ යුතුය. මේ සඳහා දම් පාට වඩාත් සුදුසුයි. මෙහිදී නූල් පොටවල් ප්‍රමාණය වැඩි වනවිට මෙම මලෙහි ලස්සන ද වැඩි වේ. පසුව එසේ ඔතාගත් නූල් පරිස්සමට ඇඟිලිවලින් ගලවා එළියට ගතයුතුය. පසුව එක් කොනකින් අල්වා එය රෙද්දට තබා කොළපාට නූල් භාවිත කරමින් නටුව කොටසට සම්බන්ධයෙන්වන කොටස හරස් මැස්මකින් මසා ගත යුතුය. (රූපයේ දක්වා ඇති ආකාරයට) මලේ ඉහළින් අනවශ්‍ය කොටස් කපා ඉවත් කරගත යුතුවේ.

 

 බේබිස් බ්‍රෙත් (Baby's Breath)

මෙම මල ඉතා ලේසියෙන් මසා ගත හැකි මලකි. මෙහිදී අප බ්ලොක් එකක් පාවිච්චි කළ යුතුවේ. එම බ්ලොක් එකෙහි නටුව සඳහා ආපසු මැස්ම භාවිත කළ යුතු අතර මල් සඳහා ප්‍රංශ ගැටය භාවිත කළ යුතු වේ.

 

මැසීම සඳහා කොළපාට වර්ණය ද මල් සඳහා සුදු වර්ණය සහ ළා කහ පැහැති වර්ණවලින් යුත් නූල් භාවිත කළ හැකිය.

 

 

උපදෙස් -

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනි

ඊ.ඒ. සඳමාලි නවෝදිකා