ආදරයට තෑගි දෙන්න කුරුලු ජෝඩුවක්

අගෝස්තු 12, 2024

ආදරණීය ගිරා ජෝඩුවක දසුන ඇසට මොනතරම් නම් ප්‍රියජනකද ? යුගදිවියට එළැඹි නව යුවළකගේ නිදන කාමරය හැඩ කරන්න මෙය කදිමයි. ඔබ දෙදෙනාගේ ආදරය, සෙනෙහස තව තවත් වැඩි කරවන මෙවැනි දසුනක වටිනාකම මිල කළ නොහැකියි. එබැවින් මෙවැනි ගිරා ජෝඩුවකට කතිර රටාවෙන් ජීවය දිය හැකි නම් සෙනෙහසේ කැදැල්ල සතුටින්ම පිරී ඉතිරී යාවි.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 14, 16, 18ක් ඇති සුදු

පැහැති අයිඩා රෙදි කොටසක්

නොම්මර 18 සිට 26 දක්වා ටැපැස්ට්‍රි

ඉඳිකටු

අවශ්‍ය වර්ණ කපු කැරැලි නූල්

කතුරක්

රාමුවක්

 

නිර්මාණය කිරීම

ඔබට මේ කතිර රටා ගෙත්තම කොටු ගණන් කරමින් ගෙත්තම් කළ හැකි බව මේ වනවිටත් දන්නවා. මෙය සෙන්ටිමීටර් 150 ය 134 ප්‍රමාණයේ නිර්මාණයකි. එයට අඟල් 14ක් ඇති අයිඩා රෙදි භාවිත කරන්නේ නම් අඟල් 10 3/4 ය 9 5/8 ද අඟල් 16ක් ඇති අයිඩා රෙදි භාවිත කරන්නේ නම් අඟල් 9 1/2 ය 8 1/2 ද අඟල් 18 අයිඩා රෙදි කොටසක් භාවිත කරන්නේ නම් අඟල් 8 3/8 ය 7 1/2 ලෙස ද ගන්න.

(කොටු ගණන්කර මසා ගත හැකි මෙම නිර්මාණයට ඒපඪ ධ්ඵඵචඡඥත නමින් වෙළෙඳපොළෙහි ඇති පෑන භාවිතකොට ගෙන ඇඳගන්න. එය පැය 24ක් වැනි කාලයක් තුළ මැකී යයි.

නිර්මාණය - යමුනා දර්ශනී