පරණ රෙදිවලින් ඒප්‍රන් එකක්

අගෝස්තු 12, 2024

 

ඉවතලන පුංචි පුංචි රෙදි කොටස්වලින් අලුත් දෙයක් නිර්මාණයකර එයින් නිවෙසේ ආර්ථිකය සවිබල කරගන්නට අැත්තම් එය කෙතරම් අපූරුද? ඔබ මසා ඉතිරි වූ රෙදි කැබැලි මේ සඳහා සුදුසුයි. මුළුතැන්ගෙයි හැඩට වගේම පිරිසුදුව සඳහා මේවා යොදාගත හැකියි. මේ එවැනි රෙදි කොටස්වල අපූරු එකතුවකි. ඒප්‍රන් එකක වටිනාකම හොඳින් දැනී ඇති ඔබට මෙය පැච්වර්ක් කලාව ප්‍රයෝජනයට ගෙන නිර්මාණයකර ගත හැකියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

මේ සඳහා ඔබ ළඟ ඇති විවිධ මුද්‍රිත රෙදි කැබැලි උපයෝගීකර ගත හැකියි. මේ සඳහා ඔබට ගැළපෙන මිනුමකට ඒප්‍රනයේ හැඩය සකස්කර ගන්න. එයට ගැළපෙන වර්ණත් පැඩින් ලයිනින් සඳහා රෙදි මීටරයක් පමණ ගන්න.

 

නිර්මාණය කිරීම

 

දැන් ඔබ ළඟ ඇති මුද්‍රිත රෙදි කැබැලිවලින් අඟල් 5 x 5ක් ප්‍රමාණයේ පළල කොටු කපා ගන්න. දැන් මෙම කොටු පේළි 6ක් මූට්ටු කරගන්න. එක පේළියකට කොටු 5 බැගින් තබා ගත යුතුය. දැන් උඩම පේළියේ දෙපැත්තෙන් කොටු දෙකක් අත හැර කොටු තුන බැගින් පේළි 2ක් මූට්ටු කර ගන්න. ඔබ ඒප්‍රනයේ ඉදිරිපසින් පේළි තුනේ කොටු පේළි 2ක් ද කොටු 5හේ පේළියක් කෙළවරට ද ලෙසින් අත්කම් හැඩය ගන්න. (රූප සටහන අනුව සකස් කරගන්න) දැන් තනි පැහැති රෙද්දකින් කනපිට ලයිනිං කරගන්න. අඟල් 1 1/2ක් පමණ පළල පටි දෙකක් තනි පැහැ රෙද්දෙන් මසා ඒප්‍රනයේ කිහිලි කට කෙළවරින් තබා මසාගන්න. හිස කොටස සඳහා ද පටි දෙකක් එම පළලටම මසා කොටු පේළි තුන බැගින් කෙළවරවල් දෙකට තබා මසා ගන්න.