ගල්වලින් මවන මල් වගේ වැඩ

අගෝස්තු 19, 2024

ඉර, හඳ, තරු, ගහකොළ, මල්, ගංගා, දියඇලි, කඳු, ගිරි ශිඛර මේ සියල්ලෙන් පිරුණු සොබාදහම පුදුමාකාරය. එය අතිශයින්ම මනරම්ය. ඕනෑම සිතක දුක්ඛ දෝමනස්සයන් සැණෙකින් දුරලිය හැකි මේ සොබාදම් දිනිතිය අප වෙත රැගෙන එන සුව සහනය මෙතෙකැයි කිව නොහැකිය.

විටෙක අපේ නෙතට, ගතට, සිතට සුවය ගෙනෙන මේ අපූරු සොබාදහම තවත් විටෙක ජීවිතය ජීවත් කරවන්නේ ද පුදුමාකාර අන්දමිනි. මොහොතක් මේ නිර්මාණ දෙස නෙත් යොමන්න. මේ පරිසරයේදී අපේ නෙත ගැටෙන, ඒත් වැඩි අවධානයකට ලක් නොවෙන කෙටියෙන්ම කිවහොත් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන ඉවතලන අමුද්‍රව්‍ය ඇසුරෙන් මනස්කාන්ත නිර්මාණ සකසා ඇති අන්දම හරිම අපූරුයි නේද?

විවිධ ප්‍රමාණයේ, විවිධ හැඩයේ දොළගල්, බොරළු කැට, දිරා ගිය දඬු කැබලි, ගෝනි කොටස්, සිප්පි කටු, මුහුදු බෙල්ලන් මේ ආදී පරිසරයෙන් නොමිලේ සපයා ගත හැකි දේ අපූර්වතම නිර්මාණ බවට පත්කර ගත හැකියි. විවිධ වර්ණයේ තීන්ත සහ කැන්වස් රෙදි සඳහා පමණක් ඔබට පුංචි මුදලක් වැය කිරීමෙන් වැඩි අගයක් සහිත මෙවැනි වටිනා නිර්මාණ සකසා හොඳ වෙළෙඳපොළක් සකසා ගත හැකියි. ඊට අමතරව ඔබට අවශ්‍ය වන්නේ අලුතින් සිතන සන්සුන් මනසක් සහ නිර්මාණාත්මක ඇසක් පමණි. අතමිට සරු කරගන්නා ස්වයං රැකියාවක් ගැන හිතනා ඔබට මෙය කදිම අත්වැලක් නොවේද?