නෝනි හැඩ කරන සුපිරි මල් ගෝණි

අගෝස්තු 19, 2024

 

ගෝණි රෙදිවලින් ලස්සන බෑග් මහන්න ඉගෙන ගනිමුද? මේක අලුත් අදහසක්. ඔබ කොළඹ අවට නම් පිටකොටුවේ රවුමක් ගිහින් ඉතා පහසුවෙන් මේ ගෝණි රෙදි සොයාගත හැකියි. එසේම ඔබ වෙනත් පළාතක වුවද වෙ‍ෙළඳසල් මඟින් ඉවත දමන ගෝණි රෙදි මේ සඳහා භාවිත කරන්න පුළුවන්.

 

ගෝණි රෙදි මහනකොට නූල් ගැලවෙනවා කියලා හිතෙනවා නම් මසා අවසානයේ ඕවර් ලොක් Over Lock කරන්න පුළුවන්. එමඟින් ලස්සන නිමාවක්ද ලැබේවි.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

 

ගෝණි රෙදි හෝ ඝනකම් රෙදි වර්ගයක්

හැඬල් පටි (වෙ‍ෙළඳපොළෙන් මිලදී ගත හැකිය.)

සිපර් එකක් (නොම්බර 5)

ලයිනින් රෙදි

මුද්‍රිත රෙදි කොටසක්

 

නිර්මාණය කිරීම

පළමුව පතරොම් සියල්ල කාඩ්බෝඩ්වල ඇඳ සකස් කරගන්න. ඉදිරිපස කොටසේ පහළට සාක්කුව තබා මසන්න. තැඹිලි පාටින් කපාගත් තරුවක හැඩය ඒ මත තබා වටේ මසන්න. හැඬල් පටි වෙ‍ෙළඳපොළෙන් මිලදී ගත හැකිය. රූපයේ පෙනෙන ආකාරයට හැඬල් පටිය තබා මසාගන්න. පටියේ ඉහළ කොටස නමාගෙන මසන්න. ඉදිරිපස පිටුපස කොටස් දෙකම මේ ආකාරයට සකස් කරගෙන දෙපැත්ත මසාගන්න.

 

ඉන්පසුව අඩිය කොටස තබා මසාගන්න. සිප් බෝඩරේ සහ සිප් එක ලයිනින් කොටස් පිළිවෙළට තබා සිප් බෝඩරය දිගේ මසන්න.

 

කොටස් දෙකම එලෙස මසා දෙපැත්ත පහළටම මසන්න.

පෙර සකසාගත් බෑගය තුළට මෙම කවරය බස්සවා කට වටේ මසා අවුට්ලයින් කරගන්න.

බෑගය හොඳ පිට හරවන්න. අලංකාර බෑගයක් ඔබට දැක ගත හැකිය.

 

 

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

ඉරේෂා අබේකෝන්