ආදරයට ආදරණීය හංස ජෝඩුව

අගෝස්තු 26, 2024

නිතර අලුත් දෙයක් දකින්නට, අලුත් යමක් කරන්නට උත්සාහ කරන ඔබේ දෑතට නව නිර්මාණ රැගෙන එන්නයි තරුණී අපේ උත්සාහය. මේ අපූරු කතිර රටා ගෙත්තම හැඩ වෙන්නේ හංස ජෝඩුවකගේ රුවෙනි. ආදරයේ ආදරණීය සංකේතයක් වන මෙය නව යුවළකගේ නිදන කාමරය හැඩ කරන්න කදිමයි. ඒ වගේම විවාහ ගිවිස ගැනීමේ උත්සවයක දී තිළිණ කරන්නත් පුළුවන්.

 

ලස්සන ආදරණීය හදවත් එකතු කරන්න හංස ජෝඩුව ඔබත් ඔබේ නිර්මාණ ගොනුවට ගෙත්තම් කර ගන්න.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

 

අඟලට කොටු 10ක් ඇති

සුදු පැහැති අයිඩා

රෙදි කොටසක්

නොම්මර 18 සිට 26 දක්වා

ටැපැස්ට්‍රි ඉඳිකටු

අවශ්‍ය වර්ණයේ

කපු කැරැලි නූල්

කතුරක්

රාමුවක්

 

නිර්මාණය කිරීම

මේ කතිර රටාව අඟල් 18 x 16.8 ප්‍රමාණයේ එකකි. ඔබ මෙය කොටු ගණන් කරමින් ගෙත්තම් කිරීම ආරම්භ කරන්න. ඒ සඳහා කොටු ගණන් කළ හැකි ඕනෑම රෙදි වර්ගයක් භාවිත කළ හැකියි. අයිඩා රෙද්ද වඩාත් සුදුසුයි. එසේම විවිධ වර්ණයේ කපු කැරැලි නූල් භාවිතයෙන් ඉතාමත් සුන්දරව කතිර රටාව ගෙත්තම් කරගත හැකියි.

ඔබට මේ නිර්මාණය රාමු කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ තබා රෙදි කැබැල්ල කපා ගත යුතුය. හතර පැත්තෙන්ම අඟල් දෙක බැගින් හෝ අඟල් තුන බැගින් තබා ගන්න.

 

නිර්මාණය - යමුනා දර්ශනී