මුහුදු පතුල යට ඉඳලා ගෙදරට එන Shell Art

සැප්තැම්බර් 2, 2024

මුහුදු පතුලේ සැඟවී සිටින අලංකාර කුඩා බෙල්ලන් ඔයාලා දැකලා ඇති. මේ බෙලිකටු මුහුදේ ජීවත් වන කුඩා බෙල්ලන්ගෙ සොඳුරු නිවහන් වාගෙයි.  ඒ බෙල්ලන් කටුවලින් ඉවත් වුණාම හිස් බෙලිකටු ගොඩබිමට මුහුදු රැල්ලත් එක්ක ගොඩගහනවා. ඉතින් අද අපි මේවා භාවිත කරලා කරන්න පුළුවන් අත්කම් කිහිපයක් ගැන කතා කරමු.

කුඩා කුඩා මුහුදු බෙලිකටු ඉතා සියුම් මෙන්ම සමහර කටු ශක්තිමත් බවින්ද  යුක්තයි.  මුහුදේදි  කිසියම් ඉරිතැළීම් හෝ කැඩුණු ඒවා ඔබට හමු වුවහොත්, ඒවා වෙනත් ව්‍යාපෘතියක් සඳහා වෙන් කරන්න.  ඕනෑම ඉරිතැළීම් හෝ කැඩුණු ෂෙල්වලින් අසමාන පින්තාරු මතුපිටක් සාදාගන්න පුළුවන්. එමඟින් කවචය පින්තාරු කිරීමට ද අපහසු වේ. 

උණුසුම් ජලය භාවිතයෙන් මේවා සෝදන්න, පැරණි දත් බුරුසුවකින් ඒවා ස්ක්‍රබ් කරන්න.  බෙලිකටු ඉතා දුගඳයි නම්, පැය 24 ක් දක්වා බ්ලීචිං දියකර ගත් වතුර බඳුනක ගිල්වා තබන්න.  බ්ලීච් මඟින් ෂෙල්  පිරිසුදු බවට පත් කළ හැකියි. ඉන්පසු අව් රශ්මියෙන් හොඳින් වේළා ගන්න. මෙසේ කිරීමෙන් ඔබට ඕනෑම නිර්මාණයකට ෂෙල් භාවිතය පහසු වේ.

ඔබ ආසන්නයේ වෙරළක් නොමැති නම්, ඔබට මේවා වෙළෙඳසල් ආශ්‍රයෙන් මිලදී ගත හැකිය. ඔබ සාප්පුවෙන් මිලදී ගත් ෂෙල් භාවිත කරන්නේ නම්, ඔබට ඒවා පිරිසුදු කිරීමට අවශ්‍ය වන්නේ නැත. සරල සේදුමකිමන් ඒවා භාවිතයට ගන්න පුළුවන්.

ඔබ එය ඝන වර්ණයකින් පින්තාරු කිරීමට අදහස් කරන්නේ නම්, සුදුසුම තීන්ත වර්ගය වන්නේ ඇක්‍රලික් තීන්තයි. මේ ඇක්‍රලික් තීන්ත භාවිත කරමින් ඔයාලාට මුහුදු බෙල්ලන් වර්ණ ගන්වා ගන්න පුළුවන්.  ප්‍රථමයෙන් පිටත වර්ණ ගන්වා වේළීමෙන් පසු ඇතුළත වර්ණ ගැන්විය හැකියි. දෙවැනි ස්තරයක් එකතු කිරීමට පෙර සෑම පැත්තක්ම වියළීමට ඉඩ දෙන්න.

මුහුදු බෙල්ලන් එකිනෙක අලවා නිර්මාණයන් කිරීමේදී හොට් ග්ලූගන් භාවිතයෙන් හෝ මල්ටිබෝන් ගම් භාවිතයෙන් එකට අලවාගත හැකියි.

රේසින් නිර්මාණයන් සඳහා, කැන්වස් මත අඳින සිතුවම් අලංකරණයට, පින්තූර රාමු ලෙස, බිත්ති සැරසිලි ලෙස, මල් බඳුන් අලංකරණයට, හිස පලඳනා අත් පලඳනා, ඇතුළු මුදු කරාබු ආභරණ සෑදීමට, විවිධ පිළිරූ නිර්මාණයට අපිට මුහුදු බෙල්ලන්  හෙවත් සිප්පි කටු භාවිතයට ගෙන නිර්මාණාත්මක නිර්මාණ කරන්න පුළුවන්.

විදේශීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින්  ස්වයං රැකියාවක් ලෙස මෙලෙස සිප්පි කටු භාවිත කර කරන්නා වූ නිර්මාණයන් අලෙවි කිරීමටත් හැකියාව පවතී.

 

අත්කම් නිර්මාණ ශිල්පිනී සුලෝචනා සෙව්වන්දි