මෙන්න ගොඩ යන බිස්නස් එක

සැප්තැම්බර් 2, 2024

ඔබත් රැකියාවක් නොමැතිව දුකින් ඉන්න කෙනෙක්ද? නැත්නම් රැකියාවක් කළත් ඒ මුදල එදිනෙදා අවශ්‍යතාවලට වියදම් කරද්දි මදි වෙනවාද? එහෙම නම් ඔයාට පුළුවන් ඔයාගෙම කියලා පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න. ඒකට මෙන්න මේ කාරණා දෙක නම් අත්‍යවශ්‍යයි.

01. දෑතේ හැකියාව

02. හදවතේ ශක්තිය

මෙන්න මේ අංග දෙකම තියෙන කාන්තා ඔබේ ජීවිතයට අලුත් ආරම්භයක් දෙන්න කැමැතිද? කාන්තාවක් කියන්නේ හරිම ශක්තිමත් කෙනෙක්. ඉතින් තම දෑතේ වීර්යයෙන් තමන්ගේ පවුලට හයියක් වෙන්න ආර්ථික මට්ටමක් ගොඩනගා ගන්න පුළුවන් නම් ඒ ශක්තිය තවත් වැඩි වෙනවා. අන්න එහෙම හිතන දිරිය කාන්තාවන් වෙනුවෙනුයි මේ ව්‍යාපාරික අදහස ගෙන එනු ලබන්නේ.

ව්‍යාපාර ආරම්භ කිරීම

Hand Embroidery පාඩම් මාලාවේ දී මූලික මැහුම් රටා, මූලික පත්‍ර රටා, මූලිකම මල් රටා සහ නිර්මාණ පාඩම් ඉගෙන ගැනීමෙන් අනතුරුව ව්‍යාපාරයක් (ස්වයං රැකියාවක්) ආරම්භ කිරීමට මූලික අඩිතාලමක් සකස් කිරීම මෙම පාඩමේදී සිදු වේ. මෙහිදී පැතිකඩ කිහිපයක් ඔස්සේ ව්‍යාපාර එනම් විශේෂයෙන් ස්වයං රැකියා ආරම්භ කළ හැකියි. එනම්,

* Tote Bag අලංකරණය

* හෙයාර් බෑන්ඩ් අලංකරණය

* හෙයාර් ක්ලිප්ස් අලංකරණය

* දුරකථන කවර Phone Back Cover Design

* කුෂන් කවර

* ටේබල් මැට්

* Cap Design

* බිත්ති සැරසිලි - Wall Art

* ඇඳුම් අලංකරණය

* මංගල සැරසිලි - Wedding Embroidery

* පොත් සලකුණු - Book Mark Design

* Key Tag Design

* ආභරණ - Jewelry Design

 

 

උපදෙස් -

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනි

ඊ.ඒ. සඳමාලි නවෝදිකා