මල් පෙත්තක ගෙත්තම මවයි ඔබේ සිත්තම

සැප්තැම්බර් 23, 2024

වර්ණ කිහිපයක් එක් වූ වුල් ගෙත්තම් මල් ආලින්දයේ හැඩ මවයි. මෙහි අපි එක මලක් ගෙත්තම් කරන අයුරු ලබා දී ඇති මුත් ඔබට ඡායාරූපවලින් දිස්වෙන අනෙක් නිර්මාණ එලෙසින්ම සිදුකර ගත හැකියි.

ඔබ වූල් නිර්මාණ ආශ්‍රිතව පුංචි ව්‍යාපාරයක් කරන කෙනෙක් නම්, මුලින්ම ඔයාගේ ගැනුම්කරුවන් හඳුනාගෙන ඉන්න. නිවැරැදි ර්‍ථතචද එකක් හදා ගන්න. වෙන කෙනෙක් එයාගෙ ව්‍යාපාරයට යොදපු ර්‍ථතචද එක ඔයාගේ ව්‍යාපාරයට යොදවන්න එපා. ඔබ ඔබම වන්න. තරුණී අපි විස්කම් අත්කම් නිර්මාණ මෙලෙසින් ලබා දෙන්නේ ද ඒ ලස්සන හීනය පණ ගන්වන්නයි. එසේ නම් මේ වූල් එක මලක් ගොතන්න ඉගෙන ගෙන එවැනි විවිධ මල් පෙති හැඩතල ගෙත්තම් කරන්න ඔබේ නිර්මාණශීලීත්වයට ඉඩ දෙන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ඔබ කැමැති විවිධ වර්ණයේ වූල්

සුදු පාට වූල්

මිලි මීටර් 3 වූල් කටුවක්

දුඹුරු පාට හෝ කැමැති වර්ණයේ වූල් ගෙන පළමුව දම්වැල් පනහක් පමණ ගොතා ගන්න.

ඉන්පසුව අවසාන දම්වැලට තුන්පොට පිරවුමක් ගොතා ගන්න. දෙවැනි දම්වැලට ද තුන් පොට පිරවුමක් ගොතා ගන්න. පසුව එම සිදුරටම නැවතත් තුන්පොට පිරවුමක් ගොතා ගන්න.

පසුව දම්වැල් හතරක් මඟ හැර පස්වැනි දම්වැලට තුන්පොට පිරවුම් දෙකක් ගොතා ගන්න. මේ ආකාරයට එම රටාව අනුගමනය කරමින් දම්වැල් පනහ අවසන් වන තුරු ගොතා ගන්න.

ඉන්පසුව ඊළඟ පේළිය ආරම්භ කිරීමට තුන්පොට පිරවුමක් ගොතා ගන්න. කලින් පේළියේ තුන්පොට පිරවුම් දෙකක් ගොතා ගත් තැන මඳක් විශාල සිදුරක් ඔබට දැක ගත හැකි වෙයි. මෙම සිදුර තුළට තුන්පොට පිරවුම් හයක් ගොතා ගන්න. ඉන්පසු දම්වැලක් ගොතා නැවත ඊළඟ සිදුරට තුන්පොට පිරවුම් හයක් ගොතා ගන්න. මේ ආකාරයට එම පේළිය අවසන් වන තුරු මෙම රටාව අනුගමනය කරමින් ගොතා ගන්න.

ඉන්පසුව මල් පෙත්තේ හැඩය ලබා ගැනීමට එක් සිදුරකට තුන්පොට පිරවුම් හයක් ගොතා ගත් තැන හරි මැදට සම්බන්ධ වන සේ අඩකවයක් හැඩයට තුන්පොට පිරවුම් දහයක් ගොතා ගන්න. මේ ආකාරයට දිගටම එම රටාව අනුගමනය කරමින් ගොතා ගන්න. (මෙයට සුදු සහ දුඹුරු වූල් භාවිත කරන්න)

ඉන්පසුව මලේ හැඩය ලබා ගැනීමට ගොතා ගත් දිග පටිය එකට එකතු කරන්න. (රූපයේ ආකාරයට) එය එකට සිටින සේ ඉඳිකටුවක් ගෙන මසා ගන්න.

මෙම මල අලංකාර කිරීමට ඔබට අවශ්‍ය ආකාරයට පබළු අල්ලා ගැනීම සිදුකර ගන්න.

මේ ආකාරයට අලංකාර මලක් නිර්මාණය කරගත හැකිය.