වර්ෂ 2024 ක්වූ October 07 වැනිදා Monday
පුංචි දෝණි හැඩ කරන කිටී ගවුම
චූටි දෝණි මලක් වගේ. අම්මා ඈ වෙනුවෙන් ලස්සනම ලස්සන ගවුම් විලාසිතා සොයනවා. මේ තියෙන්නේ ඒ සඳහා තවත් එක් විලාසිතාවක්.
අම්මයි, තාත්තයි එක්ක ගමන් බිමන් යන්න දෝණිට මේ වගේ ගවුම් විලාසිතාවක් කදිමයි. මෙවැනි ගවුමක් මසා ආදරණීය දෝණිට සෙනෙහසින් තිළිණ කරන්න.
මෙය ඉතාමත් අලංකාර සිත්ගන්නා සුළු ගවුම් මෝස්තරයකි. රෝස පැහැති නිසා වඩාත් සිත් ගත් ගවුම් විලාසිතාවකි. කුඩා දරුවන්ගේ ඇඳුම් මැසීමට පෙර රෙදි වර්ග පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ඇඟට සුවපහසු හොඳින් දහදිය උරාගන්නා කපු මිශ්‍රිත රෙදි වර්ග වඩාත් සුදුසු වේ. විශේෂයෙන්ම වර්ණ ගැළපීම පිළිබඳ අවධානය යොමු කළ යුතු තවත් කරුණකි. ඇසට ප්‍රිය අලංකාර වර්ණ මෙන්ම පුංචි මල් සහිත, ඉරි සහිත, බෝල මිශ්‍රිත, කුඩා තරු වැනි දරුවන් ප්‍රියකරන රෙදි සඳහා වැඩි අවධානයක් යොමු කරන්න. රෙදි වර්ග තෝරා ගැනීමේදී පොප්ලින්, මස්ලින්, ලේස් කොට්න් වැනි රෙදි වර්ග ගැළපේ. විශේෂයෙන් ලයිනින් යොදා ළමා සහ ළදරු ඇඳුම් නිර්මාණය කිරීමට වැඩි අවධානයක් යොමු කරන්න. එසේම දරුවන්ගේ වයස් සීමාව, සිරුරේ ප්‍රමාණය මෙන්ම සරල සැහැල්ලු විලාසිතා දරුවන්ට යෝග්‍ය වේ. විශේෂයෙන්ම දිගු විවරය සහිත ඇඳුමක් නම් දරුවාට වඩාත් පහසුවෙන් ඇඳීමේ හැකියාව අැත.
අවශ්‍ය මිමි
උරහිස = අඟල් 8/2 = අඟල් 4
කඳ කොටසේ උස = අඟල් 7
සම්පූර්ණ උස = අඟල් 18
පපුව වට = අඟල් 20
කර පළල = අඟල් 2
කර ගැඹුර = අඟල් 1 1 /2
අත සැකසීම
කපාගත් රැගල් හැඩයේ අත කොටසට ඉලාස්ටික් වාසිය අඟල් 2ක් ඉහළට දී නැම්මට කපන්න.
සාය සඳහා රෙදි සැකසීම
බලවාටිය දිගේ උස මෙන් දෙගුණයක් රෙදි කොටස දෙකට නවා නැවත නවන්න.
ඉණවට අඟල් 3/18/3 - 6
මැසීමේ පියවර
මුලින්ම කඳ කොටස ඉදිරි නැම්ම ප්ලීට් තබා මසා ගන්න. ඉණ පටිය අල්ලන්න. පිටුපස කොටස සිපර් වාසිය අඟල් 1/2ක් තබා සිපරය අල්ලා ගන්න. අත කොටසේ රැගල් හැඩය ඉලාස්ටික් දමා මසා ගන්න. සාය කොටස අවශ්‍ය නම් අලංකාර එම්බ්‍රොයිඩරි කොටසක් යොදා අලංකාර කර කඳ කොටසට සම්බන්ධ කරන්න. අංශය මසා පහත වාටිය මසන්න.
උපදෙස් -
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවීණ මැහුම් උපදේශිකා
අනූෂා සඳමාලි