එදත් අදත් - කවදත් බතික්

ඔක්තෝබර් 7, 2024

 

විලාසිතා ලෝකයේ ගවුම් මෝස්තර අතරින් එදා සේම අද දක්වාම බතික් මෝස්තරයේ ගවුම් නිර්මාණ සඳහා වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් පවතී. මෙම ඇඳුම් මෝස්තරය නව යොවුන්, තරුණ, වැඩිහිටි ඕනෑම වයස් පරතරයක ඕනෑම කෙනෙකුට ගැළපෙන අලංකාර විලාසිතාවකි. ඔබ ස්වයං රැකියාවක් ලෙස ඇඳුම් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වේ නම් ඒ සඳහා පතරොම් නිර්මාණය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. විශේෂයෙන් පතරොම් සෑදීම සඳහා මිනුම් ගැනීම ක්‍රම 2කි.

 

1. එනම් තනි පුද්ගලයෙක් සඳහා ශරීරයෙන් මිනුම් ගනිමින් පතරොම සෑදීමයි. මෙම ක්‍රමය (Custom mode) ක්‍රමයයි.

 

2.දෙවැනි ක්‍රමය නම් සම්මත මිමි සටහනක් ඇසුරින් (Standard Measurement chart) ඔබ Online ඔබ හෝ වෙළෙඳපොළක් උදෙසා ඇඟලුම් නිෂ්පාදනය කරයි නම් තොග වෙළෙඳාමක් උදෙසා (Whole Sale) ලංකාව තුළ බොහෝ විට British Standard size chart (UK) භාවිත කරයි.

 

පතරොම නිර්මාණය ලබා ගත් මිමි ඇසුරින්

අවශ්‍ය මිමි

 

උරහිස = 14 1/2 /2= අඟල් 7 1/4

පපුව වට = 34/4 = 8 1/2+ 1/2 (බුරුල) = අඟල් 9

ඉණ වට = 30/4 = 7 1/2 + (ඩාට්) = අඟල් 8 1/2

උකුළ වට = 38/4 = 9.5+ 1/2 = අඟල් 10 1/2

උර සිට පපුව මුදුන උස = අඟල් 10

උර සිට ඉණට උස = අඟල්14 1/2

උර සිට උකුලට උස = අඟල් 21

උර සිට සම්පූර්ණ උස = අඟල් 46

ඩාට් පරතරය = අඟල් 3 3/4

 

මැසීමේ පියවර -

මුලින්ම කර හැඩයට ස්ටිප් තබා අයන් කර මසාගන්න. (ඉදිරි හා පිටුපස පළු) ඉන්පසු උරහිස් දෙක එකට තබා මසන්න. කිහිලි කට අඟල් 1 1 /2 පළල බයස් පටි තබා මසා නීට්කර ගන්න. අංශය මැසීමේදී ඉණ පටි දෙක අංශයට තබා මසාගන්න. පහත වාටිය මසාගන්න.

 

උපදෙස් -

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවීණ මැහුම් උපදේශිකා

අනූෂා සඳමාලි