පින් වරුසාවෙන් ඉහළන මුතුකුඩ

ඔක්තෝබර් 7, 2024

වස් පිංකම වෙනුවෙන් තමන්ගේම අතින්ම සරසලා මුතුකුඩයක් පූජා කරන්න කැමැතිද? දවසින් දවස ඔබ කරන කියන සෑම යහපත් කටයුත්තක්ම සාර්ථක වෙන්න. මුතුකුඩ ඉහළන මල් වරුසාවක් සේ පැතුම් ඉටුවෙන්න මේ වස්සාන සමයේ මුතුකුඩයක් ඔබත් සරසන්න. ඉතාමත් චාම්ව මල් සැරසිලි, පබළු, සුදු, කහ පාට ගල් අලවා නිර්මාණය ඒකාලෝක කර ගත හැකියි. වෙළෙඳපොළෙහි ඉතාමත් අධික මිලක් ඇති මුතුකුඩයක් ඔබේ මහන්සියෙන් සරසා ගතහොත් ඒ වාසියත් ඔබේ මුදල් පසුම්බියටයි.

 

අඩි 5ක් උස මුතුකුඩයටයි අද මේ නිර්මාණය සිදු කරන්නේ.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

අඩි 5ක් උස මුතුකුඩයක්

කහපාට හෝ මෙරූන් පාට වෙල්වට්

ගෝල්ඩ් කලර් රේන්දයක්

පබළු වැල් කීපයක්

6000 ගම් එකක්

අල්පෙනෙති

 

01 පළමුව පතරොම සාදා ගැනීමට පොඩි පත්තරයක තනි පිටුවට කැමති හැඩයක මල් පෙත්තක් කපාගන්න.

 

02 ඔබට කැමති පරිදි පෙති සකසා ගැනීමට පුළුවන්.

 

03 මෙම මුතුකුඩ නිර්මාණය සඳහා සකසා ගත් වෙල්වට් මල් පෙත්ත

 

04 ගෝල්ඩ් කලර් කෝඩ් එකෙන් මසාගන්න.

 

05 මසා නිමකර ගත් පසු

 

06 පිටුපස කොටසේ 6000 ගම් එකෙන් වටේම ගම් යවාගන්න.

 

07 දැන් මුතුකුඩයට තබා අලවා ගන්න.

 

08 ඇල්පෙනෙත්තිවලින් හොඳින් පිළිවෙළට සකසා ගන්න.

 

09 දැන් මසාගන්න කුඩේ පාටට නූල් ගන්න. මසන විට පසුපසට මහන මැස්මෙන් මහන්න. එවිට ශක්තිමත් බව රඳා හිටීවි.

 

10 මේ ආකාරයට හොඳින් පිළිවෙළට මසාගන්න.

 

11 මල් අලවා ඔබ කැමති පරිදි වෙල්වට් පෙති කොටස මත අලංකාර කර ගන්න.

 

12 නිර්මාණය කර අවසන් කළ පසු ඔබට මේ ආකාරයට දැකගත හැකියි.

 

මේ ආකාරයට පෙතිවල හැඩතල වෙනස් කර පාට වෙනස් කර ඔබට අලංකාර මුතුකුඩ නිර්මාණය කර ගත හැකියි.