වර්ෂ 2024 ක්වූ November 11 වැනිදා Monday
රන් ටිකිරි සිනා මුව අග පාලා
අලුත විවාහපත් යුවළකගේ සොඳුරු පැතුම සුරතල් දරු පැටියෙකි. එවන් යුවළකට තිළිණ කළ හැකි අගනා කතිර රටාවකි මේ. රන් ටිකිරි සිනා මුව අග රැඳි මේ පුංචි බබා ඔබේ නිවෙසටත් වාසනාව ගෙන දේවි.
අවශ්‍ය ද්‍රව්‍ය -
අඟලට කොටු 10, 11 හෝ 14ක් ඇති
සුදු පැහැති
අයිඩා රෙදි
නොම්මර 24 සිට නොම්මර 26
ටැපැස්ට්‍රි ඉඳිකටු
අවශ්‍ය වර්ණවල කපු කැරැලි නූල්
රාමුව, ඉඳිකටු, කතුර
නිර්මාණය කිරීම
අප ඔබට ලබා දී තිබෙන මිමිවලට හෝ කැමැති මිම්මකට කතිර රටාව නිර්මාණය කරගත හැකියි. අඟලට කොටු 10ක් හෝ 11ක් ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ. ඒ නිසා රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ.
අඟලට කොටු 14 නම් නූල් පොටවල් 2ක් සෑහේ. අඟලට කොටු 11ක් හෝ 10ක් නම් නූල් පොටවල් 6ම භාවිත කරන්න.
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර