වර්ෂ 2024 ක්වූ November 11 වැනිදා Monday
ලස්සනම දවසේ ලස්සනටම ඉන්න
මංගල සාරි ජැකට් මැසීමේදී ඉතාමත් ආකර්ෂණීය ලෙස මැසීම වඩාත් වැදගත් වේ. මනාලියගේ සුන්දරත්වය ඉස්මතුකර පෙන්වීමට සාරි හැට්ටයට හැකියාවක් තිබේ. ඔබ යොදා ගන්නා රෙදි වර්ග, ඊට ගැළපෙන බීඩ්ස්, ස්ටෝන්, කට් වර්ක්, පබළු, සීකුන්ස් විවිධ වර්ගයේ කෝඩ් නූල් ආදිය එක් කිරීමෙන් සාරි හැට්ටයේ හැඩ වැඩ මෙන්ම වටිනාකම ද ඉහළ යයි. විවිධ ඝනකමින් යුත් ස්ටිප් වර්ග, වෙල්බෝන්, පැඩින්, විවිධ ලයිනින් රෙදි වර්ග භාවිත කර හැට්ටයේ නිමාව වැඩ කළ හැකියි. ඔබ අඳින ලද හැට්ටයට ගැළපෙන ලෙසින් ඊට අදාළ බ්‍රා කප් කුමන වර්ගයේ ද යන්න හොඳ අවධානයක් යොමු කළ යුතුයි.
අවශ්‍ය මිමි -
උරහිස 13 -1 = 12/2 = අඟල් 6
කර පළල 5/2 = අඟල් 2 1/2
පපුව වට 32/4 = අඟල් 8
ඉණ වට 25/4 = අඟල් 6 1/4
උර සිට කර ගැඹුර අඟල් 9
උර සිට කිහිලි කට උස අඟල් 6 1 /2
උර සිට පපුව යට උස 9 1/2
උර සිට පපුව යට උස අඟල් 12 1/2
උර සිට සම්පූර්ණ උස අඟල් 15 (ඉදිරි),
පිටුපස අඟල් 13
ඩාට් පරතරය අඟල් 6
සාරි හැට්ටයේ ඉදිරි පළුව නිර්මාණය -
1. පෙර මැද රේඛාව අඳින්න (F. CE. Line)
2. උරහිස මුදුන රේඛාව අඳින්න (H.P.S. Line)
3. උරහිස මුදුනේ අඟල් 1ක් පහත් කර උරහිස රේඛාව අඳින්න. (Shoulder Line)
4. උරහිස මුදුනේ සිට අඟල් 3ක් පහත් කර මූලික රේඛාව අඳින්න. (Back Neck Line)
5. උරහිස මුදුනේ සිට කිහිලි කට උස රේඛාව අඳින්න. (Armhole Line)
6. උරහිස මුදුනේ සිට පපුව මුදුන දක්වා ඇති උස රේඛාව අඳින්න. (Bust Line)
7. උරහිස මුදුනේ සිට පපුව යට දක්වා ඇති උස රේඛාව අඳින්න. (Under Bust Line)
8. උරහිස මුදුනේ සිට ඉණට අවශ්‍ය උස රේඛාව අඳින්න. (Waist Line) ගණනය කළ මිමි අයුරින් ඉදිරි පළුව
නිර්මාණය කිරීම -
1. කර පළල දෙකට බෙදා උරහිස මුදුන රේඛාවේ ලකුණු කරන්න.
2. උරහිස මිනුම දෙකට බෙදා උරහිස රේඛාවේ ලකුණු කරන්න.
3. පපුව වට මිනුම හතරට බෙදා අඟල් 1ක් එකතුකර අත්කට රේඛාවේ ලකුණු කරන්න.
4. ඩාට් පරතරය දෙකට බෙදා පපුව මුදුන රේඛාවේත්, පපුව යට රේඛාවේත්, ඉණ රේඛාවේත් ලකුණු කරන්න.
5. උරහිස කෙළවර පපුව මුදුන රේඛාව දක්වා ලම්බ රේඛාවක් අඳින්න. එහි හරි මැද අඟල් 1/2ක් ඇතුළට ලකුණු කර ලක්ෂ්‍ය යා කරමින් ඇල රේඛාවක් අඳින්න. එම ඇල රේඛාව කිහිලි කට ලක්ෂ්යයත් රේඛාවත් අතර, කෝණය අඟල් 1ක් ලක්ෂයත් යා කර කිහිලි කට චක්‍රය අඳින්න.
6. කිහිලි කටත් ඉණත් යා කර අංශය අඳින්න.
පිටුපස පළුව නිර්මාණය Guide Line (හරස් රේඛා නිර්මාණ)
1. පසු මැද රේඛාව අඳින්න.
2. උරහිස මුදුන රේඛාව අඳින්න.
3. උරහිස මුදුනේ සිට අඟල් 1ක් පහත් කර උරහිස මුදුන රේඛාව අඳින්න.
4. උරහිස මුදුන සිට කිහිලිකට උස ගණනය කර අත්කට රේඛාව අඳින්න
5. උරහිස මුදුන සිට පිටුපස සාරි හැට්ටයේ උස ගණනය කළ රේඛාව අඳින්න.
ගණනය කළ මිමි ඇසුරින් ඉදිරි පළුව නිර්මාණය කිරීම
1.කර පළල අඟල් 2 උරහිස මුුදුන රේඛාවේ ලකුණු කරන්න
2. එතැන් සිට අඟල් 1ක් ඉහළට ලකුණු කරන්න.
3. අඟල් 1ක් ඉහළට ලකුණු කළ ස්ථානය සිට උරහිස මුදුන රේඛාව දක්වා පිටුපස කර හැඩය අඳින්න.
4. උරහිස මිනුම් දෙකෙන් බෙදා අඟල් 1/2 ඉහළට ලකුණු කරන්න.
5. උරහිස රේඛාවේ අඟල් 1ක් ඉහළට ලකුණු කළ ස්ථානය හා උරහිස රේඛාවේ අඟල් 1/2ක් ඉහළට ලකුණු කළ ස්ථානය යා කර පිටුපස උරහිස අඳින්න.
6. පපුව වට මිනුම් 4න් බෙදා අත්කට රේඛාවේ ලකුණු කරන්න. කිහිළි කට චක්‍රය අඳින්න.
7. ඉණ වට මිනුම් 4න් බෙදා අත් කට රේඛාවේ ලකුණු කරන්න.
8. අත් කට හා ඉණ යා කර අංශය අඳින්න.
9. පිටුපස පසු මැද දෙසින් 1/2ක් ඉවත් කරන්න.
අංශය සමාන කිරීම
1. පිටුපස පළුවේ අංශයට ඉදිරි පළුවේ අංශය සමාන කළ යුතුයි.
2. ඉදිරි පළුවේ උස අංශ ඩාට් හැර මනින්න.
3. පිටුපස අංශය මැනීමේදී ඉදිරි අංශය
දිග අඩු හෝ වැඩි නම් පිටුපස අංශ
ප්‍රමාණයම ලැබෙන තෙක් දිග අඩු වැඩිකර සැකසිය යුතුය.
මෙලෙස මිමි ගෙන කපා හැට්ටය මසා ගන්න.
උපදෙස් -
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවීණ මැහුම් උපදේශිකා
අනූෂා සඳමාලි