වර්ෂ 2024 ක්වූ December 09 වැනිදා Monday
තාරුණ්‍යයේ චමත්කාරය ඔබයි
තාරුණ්‍ය හැමදාමත් හැඩකාර බවට කැමැතියි. ඒ හින්දම අපේ යුවතියන් හැඩ වෙන්නට ලස්සන ලස්සන විලාසිතාවල ඇඳුම් සොයනවා.
එවැනි යුවතියන් වෙනුවෙන් අද අපි හරිම ලස්සන ඇඳුමක් මෙලෙස තිළිණ කරනවා. මෙම ඇඳුමේ විශේෂත්වය වන්නේ සාමාන්‍ය ගමනට මෙන්ම උත්සව අවස්ථාවක් ගළපාගන්නට හැකි වීමයි. එය ඔබ තෝරාගන්නා රෙදි වර්ගය අනුව තීරණය කළ හැකියි.
* උරහිස = අඟල් 15
* කරවට = අඟල් 15
* පපුව දක්වා උස = අඟල් 10
* පපුව අඩිය දක්වා
උස = අඟල් 13
* පපුව වට = අඟල් 36
* ඉණ වට = අඟල් 30
* කර ගැඹුර = අඟල් 7
* ඉණ වට = අඟල් 28
* උකුළ වට = අඟල් 37
* සාය උස = අඟල් 39
* උකුළ දක්වා උස = අඟල් 7
* දණහිස දක්වා උස = අඟල් 19
මෙම ඇඳුම් නිර්මාණය සඳහා රැන්ග්ලර් රෙදි වැනි ඇදෙන රෙදි වර්ගයක් භාවිත කර ඇත. ශරීර ගාණටම ගෙන ඇති නිසා එවැනි රෙදි වර්ගයක් සුදුසුයි.
බ්‍රාකට් අඩියට බ්ලවුසයත් එතැන් සිට පහතට ගවුමේ ඉතිරි කොටසත් නිර්මාණය කර ඇත. ඔබට පතරොමක් සාදා ගැනීම පහසු වේ.
බ්ලවුසය සාදා ගැනීම සඳහා නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතු කර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4ක් පහත් කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.
කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යා කර මූලික කර අඳින්න.
E සිට පහතට පපුව අඩිය දක්වා උස ඉණ දක්වා උස, උකුළ දක්වා උස , සම්පූර්ණ උස පහත් කර හරහට රේඛාවන් අඳින්න.
අත්කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.
අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතු කර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න එය FG වේ.
ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. අංශය යා කරන්න.
උකුළ වට ප්‍රමාණය හතරෙන් බෙදා මැහුම් වාසි එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය JK වේ. එම පිළිතුරෙන් අඟල් 1ක් 2ක් අඩුකර වාටිය රේඛාවේ හරහට ලකුණු වාටියේ සිට උකුළටත් එතැන් සිට ඉණටත් ඉණේ සිට අත්කටටත් අංශය අඳින්න.
උරපටියක් භාවිත කර ඇති බැවින් කර ලකුණුකර හැඩේ කපා ගත යුතුයි. එමෙන්ම බ්‍රා කට් හැඩයක් ඇඳ ඇති බැවින් ඉදිරිපස කර මැද සිට අඟල් 1/2ක් හෝ 3/4ක් ලකුණු කර රූප සටහනේ පරිදි ඇඳගන්න. අංශය පැත්තෙන් කොටසක් ඉවත් කර ඇත. එය උඩ කොටසින් ඉවත්කර කපාගත යුතුයි. එය ඉවත්කළ පසු එහි ඉදිරිය ෆ්ලීට් කීපයක් දී ඇති බැවින් එම වාසිය තබා කපාගන්න. ඒ සඳහා පළමු රූප සටහන ආකාරයට ඉහළට වැඩිකර කැපිය හැකියි. නැත්නම් දෙවැනි රූප සටහන ආකාරයට ෆ්ලීට් සඳහා අවශ්‍ය ස්ථානවල කපා ෆ්ලීට් සඳහා ඉඩ තබා කපා ගත හැකියි. මෙම කොටසේ අංශය පැත්තෙන් කොටසක් ඉවත්කර ඇති බැවින් එය ඉවත්කර මැසිය යුතුයි.
අනෙක් කොටස සඳහා මැහුම් වාසි තබා කපාගන්න.
පසුපස පතරොම සඳහා ඉදිරිපස පතරොම වෙන් කිරීමට පෙර එම ගාණට කැපිය හැකියි. ඔබට සිපරයක් භාවිත කිරීමට අවශ්‍ය නම් මැහුම් වාසි තබා කපා ගන්න.
* කප් කොටස ෆ්ලීට් සාදා අංශ හැඩය මසන්න.
* දෙවැනි කොටස උඩින් තබා මසන්න.
* උරපටි අල්ලා ගන්න.
* අංශය මසා වාටිය මසන්න.
ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී
දිලූෂි දසනායක