වර්ෂ 2024 ක්වූ December 23 වැනිදා Monday
නමෝ මරියනි
සීතල උඳුවප් මාසය කිතුනුවන්ගේ උත්කර්ෂවත්ම මාසයයි. ජේසු බිලින්දාගේ උපත සිදුවුණු නත්තල් උදාවත් සමඟින් ඔවුන් ප්‍රීති උත්සව පවත්වනවා. නත්තල උදාවන්නට ප්‍රථම ඔබටත් මේ මරියතුමියගේ රුව රැගත් කතිර රටාවට ජීවය දිය හැකි දැයි බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය :-
අඟලට කොටු 11 හෝ 14 සුදු පැහැති අයිඩා රෙදි කොටසක්
නොම්බර 24 හෝ 26 ට්‍රැපැස්්ට්‍රි ඉදිකටුවක්
අවශ්‍ය වර්ණයේ
කපු කැරලි නූල්
රාමුවක්
කතුරක්
නිර්මාණය කර ගැනීම:-
මෙම නිර්මාණය ඔබට කැමති ප්‍රමාණයකට නිර්මාණය කරගත හැකියි. අඟලට කොටු 10ක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තරමක් විශාල වේ. එමෙන්ම ඒ සඳහා නූල් පොටවල් තුනක් භාවිත කළ යුතුය. මෙම නිර්මාණය සඳහා අඟලට කොටු 14ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් ඒ සඳහා නූල් පොටවල් දෙකක් යොදා මසා ගන්න.
එමෙන්ම නිර්මාණ රාමු කර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කැබැල්ලක් කපාගත යුතුය. ඒ සඳහා හතර පැත්තෙන්ම අඟල් දෙක බැගින් හෝ අඟල් තුන බැගින් තබාගන්න. අඟල් දහයෙන් දහයට නූල් ඇද ගැනීම මඟින් මෝස්තර මැසීම පහසුවෙන්ම කර ගත හැකියි. අඟලට කොටු ප්‍රමාණය මත තෝරා ගත් රෙදි වර්ගය අනුව නූල් පොටවල් ගණන තෝරා ගන්න. මෙය ඔබට කොටු ගණන් කර මසා ගත හැකියි.
වෙෙළඳපොළේ air issabel නමින් පෑනක් ඇත. එය මඟින් ද රෙද්දේ කොටු ඇඳ ගත හැකියි. එය පැය 24ක් වැනි කාලයක්හි මැකී යයි. ඔබ කිසිවිටෙකත් කොටු වෙන් කිරීමට පෑනක් හෝ පැන්සලක් භාවිත නොකරන්න. මෙම නිර්මාණය සම්පූර්ණ කතිර මැස්මෙන් මසා ඇත.