වර්ෂ 2025 ක්වූ February 10 වැනිදා Monday
නත්තල් සාදයට කදිම ජැකට් එකක්

මේ දිනවල ඉතාමත් ජනප්‍රියම සාරි බ්ලවුස් විලාසිතාවකි. විවිධාකාර රෙදි වර්ග, ලේස් වර්ග, නෙට් වර්ග උපයෝගී කර ගනිමින් නවීන විලාසිතාවක් ලෙස නිර්මාණය කළ හැකියි. විශේෂයෙන් සාරි ජැකට් විලාසිතාවකටත් වඩා බ්‍රයිඩ්ල් ෆොක්‍රොප් ටොප්, විලාසිතාවක් ලෙසින් ද අතිශයින්ම ජනප්‍රිය වේ. මේ වන විටත් සාරි හැට්ටේ මූලික පතරොම ඔබ හොඳින් ඉගෙන ගෙන ඇත. එසේ නම් මූලික පතරොම ආධාරයෙන් මෙම මෝස්තරය පහසුවෙන් නිර්මාණය කරමු.
අවශ්‍ය මිමි
උරහිස = 13/2 = අඟල් 6 1/2
කර පළල = 5/2 = අඟල් 21/2
පපුව වට = 32/4 = අඟල් 8
ඉණ වට = 25/4 = අඟල් 6 1/4
උර සිට කර ගැඹුර
උර සිට කිහිලි කට උස = 6 1/2 + 1/2 = අඟල් 7
උර සිට පපුව මුදුන උස = අඟල් 9 1/2
උර සිට පපුව යට උස = අඟල් 12 1 /2
උරසිට සම්පූර්ණ උස = අඟල් 16 (ඉදිරි) පිටුපස
උස = අඟල් 14
ඩාට් පරතරය = අඟල් 6
මුලින්ම කෝසෙට් ජැකට් මෝස්තරයේ බ්‍රා කප් හැඩය සඳහා ලයිනින් කොටස් 04ක් හා හොඳ රෙදි කොටස් 02ක් සමඟ අඟල් 1/4 පැඩින් ෂීට් 02ක් කපා ගන්න. පිටුපස පළුව සෑදීම සඳහා අඟල් 1 1 /4ක කර්ණාකාරපටි කපාගන්න.
මැසීමේ පියවර
කපා ගත් බ්‍රා කප් හැඩය ලයිනින්, පැඩින්, හොඳ රෙදි තබා මසන්න. බ්‍රා කප් හැඩයේ ඉහළ හා පහළ කොටස් 02ක ඒ අයුරින්ම මසන්න. ඉහළ පහළ කොටස් 02ක එකට තබා මූට්ටු කරන්න. පහළ කොටස් සම්පූර්ණයෙන්ම නෙට් රෙදි පමණක් භාවිත කර මසාගන්න.
මෙම කොටස් රූපයේ පෙනෙන ආකාරයට වෙල්බෝන් දමා නීට් කර මසාගන්න. බ්‍රා කප් හැඩයේ වට රවුම් කර්ණාකාර පටි තබා Under වයර් දමා නීට් කර ගන්න. පිටුපස පළුව කෝඩ් කිරීමට ඇති කොටස් ඉහළ සිට පහළට සමාන දුරකින් අඟල් 2 3/4 ක් තබා මසා ගන්න. මෙම කොටස ද වෙල්බෝන් දමා නීට් කර ගන්න. ඉහළට හා පහළට කර්ණාකාර පටි තබා නීට් කර ගන්න. දැන් ඉදිරි අංශය හා පිටුපස අංශය එකට තබා මසාගන්න. මේ ආකාරයට අලංකාරවත් කෝසෙට් ජැකට් මෝස්තරයක් මසා ගත හැකිය.
උපදෙස් -
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවීණ මැහුම් උපදේශිකා
අනූෂා සඳමාලි
රූ රටා - නිලක්ෂි ආරියරත්න
ඡායාරූපය - ශාන් රූපස්සර