වර්ෂ 2025 ක්වූ January 06 වැනිදා Monday
වසරටම සුබ ගෙනෙන හිරුට පෙම් බැඳි කුසුම
හිරුට හිනැහෙන සූරියකාන්ත කුසුමකට ජීවය දෙන්න කැමැති ඔබටයි මේ අනගි තිළිණය. සූරියකාන්ත මල හා වී කරල් සශ්‍රීකත්වයේ සංකේතයයි. දීප්තිමත් කහ පැහැයෙන් බබළන සූරියකාන්ත බිත්ති සැරසිල්ලකට අපූර්ව බවක් ගෙන දෙන මලකි. බොහොම පහසු ලෙසින් ගෙත්තම් කර හැකියි.
මෙය කතිර රටාවෙන් ගෙත්තම් කර නිවෙසේ චමත්කාරය අත්විඳින්න. වසර පුරාවට සුබාසිරි ගෙනෙන මෙවැනි ගෙත්තමක් අමරණීය තිළිණයක් වනු නොඅනුමානයි.
අඟලට කොටු 10,11ක් හෝ 14ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි
නොම්බර 24 සිට නොම්බර 26 දක්වා ට්රැපැස්ටි ඉඳිකටු
අවශ්‍ය වර්ණවල කපු කැරලි නූල්
රාමුව
ඉඳිකටු
කතුර
මෙම නිර්මාණය අඟල් 12×12 ප්‍රමාණයේ නිර්මාණයකි. එහෙත්
ඔබට කැමති ප්‍රමාණයට සකසා ගත හැකියි. ඔබ අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් හෝ අඟලට කොටු දහයක් හෝ 11ක් ඇති
රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණය ප්‍රමාණය තව විශාල වේ. ඒ නිසා රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ.
කෙසේ වෙතත් නිර්මාණය රාමුකර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කොටස කපා ගත යුතුයි.
ඒ සඳහා වටේට අඟල් 2ක් හෝ 3ක් ඉඩ තබා රෙදි කොටස කපා ගන්න. නැතිනම් නිර්මාණය මැසුවාට පසු රෙදි කොටස කපා ගන්න.
කොටු 10න් 10ට නූල් ඇද ගැනීමෙන් මැසීම පහසුවේ. කොටු ගණන් කර මසන්න. නැතිනම් නිර්මාණය හරි මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14ක් නම් නූල් පොටවල් 2ක් සෑහේ. අඟලට කොටු 11ක් නම් නූල් පොටවල් 4ක් හෝ 6ම භාවිත කරන්න.