වර්ෂ 2025 ක්වූ January 27 වැනිදා Monday
ගවුමක මූලික පතොරම මෙන්න මෙහෙම හරියට මහමු
විලාසිතා ලෝකයේ විවිධ මෝස්තර අතුරින් වැඩි ඉල්ලුමක් පවතින්නේ ගවුම් මෝස්තර සඳහායි. ඒ අතුරින් මේ දිනවල වැඩිපුර ජනප්‍රියම ගවුම් විලාසිතාවකි මේ. එසේ නම් ගවුමක මූලික පතරොම නිර්මාණය තුළින් ඔබ දකිනා ඕනෑම ගවුම් මෝස්තරයක් නිර්මාණය කිරීම ඉතාම පහසුයි.
ගවුමක් සඳහා මිමි ගැනීම - මිමි ගැනීමේදී ඇඟට සීරුමාරු ඇඳුමක් ඇඳ සිටීම අනිවාර්ය වේ.
උරහිස = අඟල් 13 1/2
පපුව වට = අඟල් 33
ඉණ වට = අඟල් 27
උකුළ වට = අඟල් 36
සිරස් මිමි (වට මිමි)
13 1/2 / 2 = අඟල් 6 3/4
33/4 = 8 1/4 + 1/2 = අඟල් 8 3/4
27/4 + 1 (Dart) = අඟල් 7 3/4
36/4 = 9+1/2 = අඟල් 9 1/2
උර සිට පපුව මුුදුන උස = අඟල් 9 1/2
උර සිට ඉණට උස = අඟල්13 1/2
උර සිට උකුළට උස = අඟල් 20
උර සිට දණහිසට හෝ සම්පූර්ණ
උස = අඟල් 36
සිරස් මිමි
(උස මිමි)
කර පළල = අඟල් 6/2 = 3
අත වට = අඟල් 13 1/2
අත අග = අඟල් 6
අත දිග = අඟල් 6a
කිහිලිකට වට = අඟල් 16 /4 + 1/2
= අඟල් 4 1/2
අත මහත (අත් ගොබය) 13 1/2+ 1
= 14 1/2 /2 = අඟල් 7 1/4
ඩාට් පරතරය = අඟල් 6/2 = අඟල් 3
උස මිමි ලකුණු කරමු
1. තිරස් සහ සිරස් රේඛාවක් අඳින්න.
2. උරහිස මුදුනේ සිට අඟල් 1 1/4ක් පහත්
කර උරහිස රේඛාව අඳින්න.
3. උරහිස මුදුනේ සිට අඟල් 3ක් පහත් කර
මූලික කර රේඛාව අඳින්න.
4. උරහිස මුදුනේ සිට පහළට උරහිස මිනුම
දෙකෙන් බෙදා අඟල් 1/2ක් එකතු කර
කිහිලි කට රේඛාව අඳින්න.
5. උරහිස මුදුනේ සිට පපුව දක්වා උස ගණනය කර පපුව මුදුන රේඛාව අඳින්න.
6. උරහිස මුදුනේ සිට ඉණට උස ගණනය කර ඉණ රේඛාවේ ලකුණු කරන්න.
7. උරහිස මුදුනේ සිට උකුලට උස ගණනය කර උකුලට උස රේඛාවේ ලකුණු කරන්න.
8. උරහිස මුදුනේ සිට ඔබට අවශ්‍ය උස ලකුණු කරන්න. මෙය උස අවසන් රේඛාව වේ.
මූලික අත අඳිමු
අත සඳහා අවශ්‍ය මිමි -
අත දිග (Sleeve Length) = අඟල් 6
අත අග වට Sleeve Open = අඟල් 13
කිහිලිකට වට = 16/4 = 4+1/2 = අඟල් 4 1/2
මෙය Crown Hight වේ.
පතරොමෙන් ලබාගත් අත පළල = 6 1/2+6
1/2+ 1/2 = 13 1/2 /2 = අඟල් 6 3/4
අත සැකසීම මූලික පියවර
* මුලින්ම අත උස ලකුණු කරන්න.
අත උස 6කි.
* එම රේඛාව දිගේ Crown Hight ලකුණු
කරන්න. (16/4 = 4+ 1/2 = 4 1/2)
* එතැන් සිට දෙපසට පතරොමෙන්
ලබාගත් අත පළල 6 1/2+ 6 1/2 + 1/2 =
13කි. 13/2 දෙපසට ලකුණු කරන්න.
* එම රේඛාව හා අත මුදුන ඇල
රේඛාවකින් යා කරන්න. එම රේඛාව
සමාන කොටස් 4කට බෙදන්න.
* පළමු ලක්ෂ්‍යයේදී ඉහළින් 1/2ක් ද අවසන් ලක්ෂයේදී 3/4 ක් ඇතුළට ලෙසින් ද යා කර කිහිලිකට හැඩය අදින්න.
* අත අවසන් රේඛාවේදි අත වට මිනුම 1/ 2 ලකුණු කරන්න. 13 1/2 /2 = 6 3/4 වේ.
රූ රටා - නිලක්ෂි ආරියරත්න
උපදෙස් -
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවීණ මැහුම් උපදේශිකා
අනූෂා සඳමාලි