වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
පොඩිත්තාගෙ තනි නොතනියට හරි ලස්සන බෝනික්කෙක්

තරුණී නුගසෙවණ සුසංයෝගය ශක්තිමත් කාන්තාවන් ව්‍යවසායකයන් බවට පත්කිරීමේ අරමුණින්ම ඇරැඹී ජනප්‍රියතම රූපවාහිනී වැඩසටහනකි. ඒ තුළින් අද ඔබ වෙත ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ අලංකාර බෝනික්කෙකු සකසන ආකාරයයි.
මේ බෝනික්කා ඔබේ දරුවාට අලංකාර තිළිණයක් වනවා සේම ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට ද ඔබට මාර්ගෝපදේශකයක් වනු ඇත.
පුංචි හිතට තනි නොතනියට Beth Doll බෙත් ඩෝල් මෙහෙම හදමු.
අවශ්‍ය ද්‍රව්‍ය:-
කපු රෙදි කොටසක් (ලිනන් නම් වඩාත් උචිතයි)
පිරවීම සඳහා පැඩින් කොණ්ඩේ සඳහා වූල් (කැමැති පාටකින්)
රෙදි පින්තාරු තීන්ත ( නිල්, කළු, රෝස, සුදු )
නිර්මාණය කර ගැනීම:-
පළමුව පතරොමට අනුව රෙදි කොටස් කපා ගන්න. හිස මූට්ටු කිරීමේදී A ලෙස සඳහන් කර ඇති තැනට හිස පිටුපස කොටසේ A ලෙස සඳහන් කර ඇති ස්ථාන දෙක එකට තබා මසන්න.
B ලෙස සඳහන් කර ඇති ස්ථානයේ මූට්ටු කරගන්න. පැඩින් පිරවීම සඳහා විවරයක් තබමින් මසන්න.
අනතුරුව කඳ කොටසට හිස කොටස ඇතුළු කර අල්ලා ගන්න. කඳ කොටසට පැඩින් පිරවීමෙන් පසු විවරය මසාගත යුතුයි.
කඳ කොටසේ C ලෙස දක්වා ඇති ස්ථානයට අත් මසාගත යුතුය. අත් දෙකත් කොටස් හතරක් කපා එය ජෝඩු දෙකකට සිටින සේ තබා මූට්ටු කරගන්න.
කඳ කොටසේ D ලෙස සඳහන් කර ඇති ස්ථානයට කකුල් අල්ලා ගන්න. කකුල් දෙකට පැඩින් පුරවා විවරය මැසීමෙන් අනතුරුවයි කඳ කොටසේ D ස්ථානයට කකුල් ඇල්ලීම සිදුකරනුයේ.
දැන් බෙත් බෝනික්කාව අපි සාදා අවසානයි. කොණ්ඩය දැමීමේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණයට කොණ්ඩේ දිග තීරණය කරගත හැකියි. කාඩ්බෝඩ් එකක් ගෙන වූල් එක දිගට ඔතාගන්න එක උඩ එක නොයන ආකාරයට. අනතුරුව එය කාඩ්බෝඩ් එකේ තිබියදීම අතින් මසාගන්න. වූල් එක කාඩ්බෝඩ් එකෙන් ඉවත් කර බෙත් බෝනික්කාගේ කොණ්ඩය ලෙස හිස පිටුපසට තබා මසාගන්න.
බෝනික්කා තවත් ලස්සන කර ගැනීම සඳහා ලස්සන ගවුමක් මසා අන්දවා ගන්න. රිබන් පටිවලින් කොණ්ඩේ ගැටගසා තවත් අලංකාර කරගත හැකියි.
සපත්තු මැසීමේදී XY ලෙස සඳහන් කර ඇති ස්ථාන මූට්ටු කරගන්න. පසුව සපත්තුව අඩියේ P ලෙස සඳහන් කර ඇති තැනත් සපත්තුවේ ඉදිරිපස P ලෙස සඳහන් කර ඇති තැනත් එකට තබා සපත්තුවේ වටේම මසාගන්න. එය බෙත් බෝනික්කාට අන්දවා හැඩ බැලිය හැකියි.
උපදෙස්:-
ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී
ප්‍රියංගි ජීරසිංහ
රූ රටා:- නිලක්ෂි ආරියරත්න
ඡායාරූප:- ශාන් රඹුක්වැල්ල