වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
බිත්තිය හැඩකරන මැන්ඩෙලා ආර්ට්

ස්වභාවධර්මය විසින් අපට දායාද කර ඇති සම්පත් කොතරම් තිබෙනවාද? මේ සම්පත් තුළින් අපට ගත හැකි ප්‍රයෝජන, කළ හැකි දේ කොතරම් තිබෙනවාද? බලන්න ඔබ දකින මේ නිර්මාණ දෙස. අද තරුණී නුගසෙවණ හා එක්ව ඔබව මේ කැඳවාගෙන යන්නට උත්සාහ කරන්නේ නිර්මාණාත්මක අගයෙන් ඉහළ සුවිශේෂී වූ අත්කම් නිර්මාණයන් රැසක් වෙතයි. අප මෙලෙසින් නිරතුරුවම උත්සාහ කරන්නේ ඔබේ ඇස නවතම නිර්මාණ ඉසව් කරා යොමු කරවන්නටයි.
බලන්න මෙම නිර්මාණවල තිබෙන කලාත්මක බව. ස්වාභාවික සෞන්දර්යයේ චමත්කාරය හරි අපූරුවට මවාපාන්නට මෙම නිර්මාණ සමත් වී තිබෙනවා. එම නිර්මාණයන්ට වියදමක් වැය නොවන තරම්. නමුත් මෙහි නිර්මාණාත්මක බව නිසා එහි අගය වැඩි වටිනාකමකට තක්සේරු කළ හැකි බවයි අපට දැනගන්නට ලැබුණේ.
එලෙසින්ම මේ කලාව ඔබට ඕනෑම දෙයක් හැඩකර ගැනීමට, ලස්සන කර ගැනීමට භාවිත කරන්න පුළුවන්.
Texture Art ක්‍රමය කියන්නේ මොකක්ද කියලා මුලින්ම බලමු.
අප සාමාන්‍යයෙන් චිත්‍ර ඇඳීමේදී නොයෙකුත් ක්‍රම භාවිත කරනවා.
නමුත් එහිදී 3D ගතියක් ගැනීම විශේෂ අවස්ථාවක්.
මෙහිදී 3D ගතියක් ගැනීම සඳහා අපි Texture පේස්ට් එක භාවිත කරනවා.
Texture paste එකෙන් ගසක් නිර්මාණය කරන හැටි අද බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය -
කැන්වස් එකක්
Texture පේස්ට් එක
පයිපින් බෑගයක්
පැතලි පින්සලක්
Acrylic වර්ණ
නිර්මාණය කිරීම -
මුලින්ම අපට අවශ්‍ය නිර්මාණය කැන්වස් එක මත ඇඳගන්න.
පේස්ට් එක ලබාගත් පසු එය පයිපින් බෑග් එකට අවශ්‍ය ප්‍රමාණයෙන් දමා ගන්න.
දැන් ඇඳගත්ත ගසේ කඳ පුරවා ගෙන පයිපින් බෑග් එකේ පේස්ට් එකෙන් නැවත හොඳින් පුරවා ගන්න.
කඳේ මැද හරිය ටිකක් වැඩිපුර පුරවා ගන්න.
හීනි අතු දමා ගැනීම සඳහා පයිපින් බෑගය එක හීනියට කපාගත යුතුය.
අප මුලින් පුරවා ගත්ත කඳ දැන් හොඳින් තුනී කරගත යුතුය. එය ගසේ හැඩයට කරගත යුතුයි.
ඇඳගත් සම්පූර්ණ ගසම පයිපින් බෑග් එක ආධාරයෙන් පයිප් කර ගන්න. මෙය හොඳින් වේළාගත යුතුය.
වැඩිපුර පේස්ට් එක පාවිච්චි කර ඇති නිසා වියළා ගැනීම සඳහා ටික වේලාවක් ගතවේ. හොඳින් වේළුණු පසු අපට අවශ්‍ය පරිදි එය පාට කරගත හැකියි.
රූපසටහනේ සඳහන් පරිදි කළු පාට පසුබිමකට ගෝල්ඩ් වර්ණ එකතු කරන්න.
මෙහිදී fabric acrylics යොදාගෙන තිබේ.
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක ආරක්ෂා කරගන්න විදිහ
අපිට පුළුවන් මේකට ක්ලියර් වාර්නිශ් එකක් ස්ප්‍රේ කර කල්පැවැත්ම රැක ගන්න. එවිට මේක වතුර දාලා වුණත් පිහිදාන්න පුළුවන් වේවි.
දැන් මෙතැනදි කැන්වස් එකක් භාවිත කළත් ඔබට පුළුවන් මෙයට වීදුරු බෝතලයක්, කේක් බෝඩ් එකක් වගේ ඉවතලන ඕනම දේකට මේ නිර්මාණය කරගන්න.
ඡායාරූප:- ශාන් රඹුක්වැල්ල
ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී
වරුණි උල්විස්හේවා