වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
පන් තොප්පිය හැඩකළ රිබන් කුමරි

හිත නිවන කලාවන් අතරේ රිබන් එම්බ්‍රොයිඩරි කලාවට හිමිවන්නේ සුවිශේෂී තැනක්. දේශීය පන් තොප්පියට හැඩ වැඩ යොදන ලද 'ජර්බරාස්' මලක අසිරිය කැඳවයි. මෙම පන් තොප්පිය විදේශීය වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් ස්වයං රැකියා අත්වැලකට මං පෙත් විවර කරයි. අද තරුණී නුග සෙවණ සුසංයෝගයෙන් දිග හැරෙන්නේ ඒ අපූරු තොප්පිය ගෙත්තම් කරන ආකාරයයි.
එසේනම් රිබන් එම්බ්‍රොයිඩරිවලින් පන් තොප්පියක් හැඩ වැඩ කරමු
අවශ්‍ය අමුද්‍රව්‍ය -
ලිනන් හෝ අමු රෙදි
එම්බ්‍රොයිඩරි රාමුව
ටැපැස්ටි ඉදිකටුවක්
අඟල් 3/4 රිබන්
අඟල් 1/2 රිබන්
ලයිටරයක්
කතුරක්
නූල්
නිර්මාණය කිරීම -
තොප්පියේ වට ප්‍රමාණයට සරිලන රෙදි කොටසක් ගන්න. පළමු රූපයේ පෙන්වා ඇති පරිදි මලෙහි මැද කොටස මසා ගැනීමට ප්‍රංශ ගැටය යොදාගන්න. ඒ සඳහා අඟල් 3/4 රිබන් යොදාගත යුතුය. (1 රූපය)
දෙවැනුව පළමු ප්‍රංශ ගැටය වටා රවුමක පිළිවෙළින් ප්‍රංශ ගැට යොදාගෙන තරමක් විශාල රවුමක් එන පරිදි මැද කොටස නිම කරවා ගන්න. (2 රූපය)
මෙහිදී මැදට තද වර්ණයක රිබන් යොදා ගන්නේ නම් වඩාත් ලස්සනයි.
ඉන් අනතුරුව අඟල් 1/2 ප්‍රමාණය රිබන් එක භාවිත කරමින් මල් පෙත්තක් නිර්මාණය කරගන්න. (3 රූපය)
පළමුව නිර්මාණය කරගත් පෙත්ත ළඟින් දෙවැනි මල් පෙත්ත මසාගන්න. එහිදී පළමු මල් පෙත්ත මසා ගත් දිගට සාපේක්ෂව ටිකක් දිග අඩුවෙන් දෙවැනි මල් පෙත්ත මසාගත යුතු වේ. නැවත තෙවැනි මල් පෙත්ත මසාගත යුත්තේ දෙවැනි මල් පෙත්තට සාපේක්ෂව ටිකක් දිගටය. මේ ආකාරයට පිළිවෙළින් මල සම්පූර්ණ කරන්න. (4,5 රූප)
අනතුරුව පත්‍ර සඳහා කොළ පැහැති අඟල් 3/4 රිබන් එක යොදාගත හැකිය. 6 රූපය දැක්වෙන පරිදි පත්‍රයේ පළමු පියවර මසwා ගන්න.
පසුව 7,8 රූපවල පරිදි නටුව කොටස සම්පූර්ණ කරගන්න.
තොප්පිය වට ප්‍රමාණයට සරිලන ලෙස මල් මෝස්තරය මසාගන්න. අනතුරුව රෙදි කොටස රාමුවෙන් ඉවත්කර කපා මසාගන්න. (9 රූපය)
ඔබ සකසා ගත් රිබන් එම්බ්‍රොයිඩරි මල් සහිත රෙදි පටිය පන් තොප්පිය වටා තබා අතින් මසාගන්න. (10 රූපය)
උපදෙස් -
අත්කම් නිර්මාණ ශිල්පිනී
රවීනා ගුණතිලක