මුළු ගෙදරම සරසවනා පුංචි සුරංගනාවි

හරියටම මහගන්න පුළුවන් නිවැරැදි ප්‍රමාණයේ කතිර රටාව මේ සමඟ
අප්‍රේල් 21, 2025

ඉක්මනින් සරලව මසා නිමකළ හැකි කුඩා කතිර රටාවන් ගැන අසමින් තරුණී දුරකතනයට එන ආදරණීය ඉල්ලීම් ගණනාවකි. ඔබේ ඒ ඉල්ලීම ඉටු කරමින් මෙවර කතිර රටාව ලබා දෙන්නෙමු. මේ පුංචි සුරංගනාවි පාසල් දියණියකට පවා ගෙත්තම් කළ හැකියි. මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙසින් අනගි කතිර රටා ගෙත්තම් කරන ඔබටද මෙය කදිම නිර්මාණයකි.

 

අඟලට කොටු 10,11ක් හෝ 14ක් ඇති සුදු පැහැති

අයිඩා රෙදි

නොම්මර 24 සිට නොම්මර 26 දක්වා ට්‍රැපැස්ටි ඉඳිකටු

අවශ්‍ය වර්ණවල කපු කැරලි නූල්

රාමුව

ඉඳිකටු

කතුර

 

මෙම නිර්මාණය අඟල් 6.0 x 6.0 ප්‍රමාණයේ නිර්මාණයකි. එහෙත් ඔබට කැමැති ප්‍රමාණයට සකසා ගත හැකියි. ඔබ අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම්

හෝ අඟලට කොටු දහයක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ. ඒ නිසා රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ.

කෙසේ වෙතත් නිර්මාණය රාමුකර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කොටස කපාගත යුතුයි. ඒ සඳහා වටේට අඟල් 2ක් හෝ 3ක් ඉඩ තබා රෙදි කොටස කපාගන්න. නැතිනම් නිර්මාණය මැසුවාට පසු රෙදි කොටස කපාගන්න. කොටු 10න් 10ට නූල් ඇද ගැනීමෙන් මැසීම පහසු වේ. කොටු ගණන් කර මසන්න. නැතිනම් නිර්මාණය හරි මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14ක් නම් නූල් පොටවල් 2ක් සෑහේ. අඟලට කොටු 11ක් නම් නූල් පොටවල් 4ක් හෝ 6ම භාවිත කරන්න.