වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
කතිර රටාවෙන් ගෙතෙන හේමමාලා හා දන්ත කුමරු

දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් දන්ත ධාතුන් වහන්සේ ලක්දිවට වැඩම කරවන අසිරිමත් සිදුවීම කතිර රටාවක ගෙත්තම් කළ අපූරුවයි මේ. දන්ත ධාතූන් වහන්සේගේ ආරක්ෂාව පිණිස හේමමාලා කුමරියගේ කේශ කලාපය තුළ සඟවාගෙන පැමිණි සිද්ධිය කැලණි විහාරයේ ඉතා රමණීය බිතු සිතුවමක් ලෙස සෝලියස් මැන්දිස් කලාකරුවා විසින් සිතුවම් කර ඇත. දළදා වරුණ පිළිබඳ කතා වෙන මේ වකවානුවේ ඔබට මෙම කතිර රටා ගෙත්තම ඉතා වටිනා දෙයක් වනු නො අනුමානයි.
අඟලට කොටු 10,11ක් හෝ 14ක් ඇති සුදු පැහැති
අයිඩා රෙදි
නොම්මර 24 සිට නොම්මර 26 දක්වා ට්‍රැපැස්ටි ඉඳිකටු
අවශ්‍ය වර්ණවල කපු කැරලි නූල්
රාමුව
ඉඳිකටු
කතුර
මෙම නිර්මාණය අඟල් 5.1 x 8.1 ප්‍රමාණයේ නිර්මාණයකි. එහෙත් ඔබට කැමැති ප්‍රමාණයට සකසා ගත හැකියි. ඔබ අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් හෝ අඟලට කොටු දහයක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ. ඒ නිසා රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ.
කෙසේ වෙතත් නිර්මාණය රාමුකර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කොටස කපාගත යුතුයි. ඒ සඳහා වටේට අඟල් 2ක් හෝ 3ක් ඉඩ තබා රෙදි කොටස කපාගන්න. නැතිනම් නිර්මාණය මැසුවාට පසු රෙදි කොටස කපා ගන්න. කොටු 10න් 10ට නූල් ඇද ගැනීමෙන් මැසීම පහසු වේ. කොටු ගණන් කර මසන්න. නැතිනම් නිර්මාණය හරි මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14ක් නම් නූල් පොටවල් 2ක් සෑහේ. අඟලට කොටු 11ක් නම් නූල් පොටවල් 4ක් හෝ 6ම භාවිත කරන්න.