මිල දී ගන්නට පෙර ප්‍රමිතිය ගැන සැලකිලිමත් වන්න

ඔක්තෝබර් 23, 2019

හැම කාන්තාවක්ම කැමැතියි රූ සපුව ලස්සනට තියාගන්න. හැමෝම ඉදිරියේ කැපී පෙනෙන විදිහට ඉන්න. නමුත් ගොඩක් අය දන්නෙ නැහැ ලස්සනට, පිළිවෙළට, පිරිසුදුව ඉන්නෙ කොහොමද කියලා.

ඒ ගැන ඒ තරම් අවබෝධයක්, දැනුමක් බොහෝ අයට නැහැ. කොහෙන් හෝ කාගෙන් හෝ අහුලා ගත්ත තොරතුරු මත තමයි තමන්ගෙ හැඩ රුව හදාගන්න බලන්නෙ. ඒ හින්දම මේක්-අප් කරන්න, ලස්සනට ඉන්න උත්සාහ කරන අපේ කාන්තාවෝ අමාරුවෙ වැටෙනවා.

අපිට කතා කර රුව ගැන, තමන්ගේ පෞද්ගලික දේවල් පිළිබඳ අපෙන් ප්‍රශ්න නඟන නිසාම තරුණී අප මේ ගැන දැනුවත්. ඒ හින්දාමයි ලස්සනට ඉන්න හිතන ඔබට හරියාකාරව ලස්සන වෙන විදිහ මෙලෙසින් ගෙන එන්නේ.

රූපයෙන් තමන් අවලස්සනයි කියලා හිතින් දුක්වෙන, බාහිරට මුහුණ දෙන්න අකැමැති ඔබට පුළුවන් මේක්-අප් මඟින් සුන්දර පෙනුමක් ලබාගන්න. ඒ හින්දා අපි ගෙන එන මේ ලිපි පෙළ ඔබේ ජීවිතයටත් සමීප කරගෙන ඔබත් ලස්සන වෙන්න.

make-up  කිරීමෙන් අපිට අපේ ලස්සන ඉස්මතු කරගන්න පුළුවන්. කාන්තාවකගේ ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීමටත් make-up  ඉවහල් වෙනවා. එම නිසා අපගේ ජීවිතයේ වැදගත් අංගයක් ලෙස make-up  ප්‍රචලිත වී තිබේ.

රූපලාවණ්‍ය ආම්පන්න අලෙවි කරන වෙළෙඳසල්වල මේක්-අප් ද්‍රව්‍ය හිතේ හැටියට තෝරගන්න තියෙනවා. එකම කාර්යය සඳහා විවිධ වෙළෙඳ නම්වලින් නිෂ්පාදන ගණනාවක්ම දැකගත හැකියි. මෙලෙස තෝරාගැනීමට ඇති පුළුල් පරාසය නිසා ඔබ මේ දෙවල් තෝරාගැනීමේ දී make-up  පිළිබඳ දැනුමක් ඇති වෘත්තීය මට්ටමේ නිපුණතාවක් ඇති අයගේ උපදෙස් පැතීම අනිවාර්යයෙන් කළ යුතු දෙයක්.

සමහර අය මුහුණේ කුරුලෑ කැලැලි හෝ වෙනත් අවපැහැ ගැන්වුණු කළු ලප වසා ගැනීමට make-up  භාවිත කරයි. මේ සඳහා භාවිත කරන ද්‍රව්‍යවල ගුණාත්මක බව සොයා බැලීම අත්‍යවශ්‍ය වේ. අද දවසේ වෙළෙඳ පොළේ ඇති ආලේපන වර්ග සඳහා භාවිත කරන සමහර අමුද්‍රව්‍ය සමට හානිකර වන නිසා අප ඒ පිළිබඳ උනන්දු විය යුතුයි. එම නිසා ගුණාත්මක බවෙන් ඉහළ make-up  ද්‍රව්‍ය අනුමත කළ හැකියි.

මේක්-අප් එකක් කිරීම තුළින් අපි බලාපොරොත්තු වන්නේ අපි make-up  කරගෙන සිටින කාලය පුරාම හොඳ පෙනුමක් ලබාදීමයි. කල් පැවැත්ම හැමවිටම අවශ්‍ය වන්නේ අපිට නිතර නිතර make-up  කිරීමට දවස පුරාම කාලයක් නොමැති නිසයි. එම නිසාම නිෂ්පාදන මිලදී ගැනීමේ දී කල් පැවැත්ම, අපේ අවශ්‍යතාවන්ට ගැළපෙනවා ද යන්න බලා ද්‍රව්‍ය මිල දී ගත යුතුයි.

දීප්ති පෙරේරා
රූපලාවණ්‍ය  සහ  පෞරුෂ  සංවර්ධන  උපදේශිකා

2019/10/23 තරුණි පුවත්පත බලන්න.