මාලනී සූරසිංහ රචිත ‘හිස්කෝලෙ‘ කෘතිය එළිදැක්වේ

ජුනි 5, 2023

 

ගුරුවරියක, විදුහල්පතිනියක ලෙසින් පාසල් ජීවිතය තුළ ලද විවිධ අත්දැකීම් ඇසුරෙන් මාලනී සූරසිංහ මහත්මිය විසින් රචිත ‘හිස්කෝලෙ‘ කෘතිය පසුගියදා එළිදැක්විණි.

 

ඇම්.ඩී.ගුණසේන ලිලියන් ශ්‍රවණාගාරයේ දී

පැවැති මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස, පූජ්‍ය සිරිසුගත ශාසනවංශ විභූෂිත ප්‍රඥාකීර්ති ශ්‍රී විල්ඔය පඤ්ඤාතිලක ස්වාමීන් වහන්සේ සහ මහාචාර්ය සරත් විජේසූරිය සහභාගී වූහ.

දශක හතරකට ආසන්න කාලයක් ගුරුවරියක හා විදුහල්පතිනියක ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවයෙහි නියුතුව සිටි කතුවරිය, මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ පවතින අඩුපාඩු හා නොගැළපෙන තැන් ඉතා නිර්මාණශීලීව මෙන්ම විචාරශීලීව මේ ග්‍රන්ථය හරහා ඉදිරිපත් ⁣කරන්නීය. මෙය ඇම්.ඩී.ගුණසේන ප්‍රකාශනයකි.